Flicker Images
Blogumulus by Roy Tanck and Amanda Fazani
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 02ක්
Posted on Thursday, June 28, 2012 and filed under breakingnews , finance , news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
ඉදිරි වසර හතරක කාලය තුළ ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ‍්‍රී ලංකාවට ඩොලර් බිලියන 02ක ආධාර සැපයීමට බලාපොරොත්තු වන බව ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය නව අධ්‍යක්ෂ ජනරාල් ජුවාන් මිරන්ඩා මහතා පැවසීය.
අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකට සහභාගිවෙමිනි.
යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකාව විසින් ගොඩනගාගෙන ඇති ස්ථාවරභාවය පිළිබඳ තම විශ්වාසය පළ කරන බව ජුවාන් මිරාන්ඩා මහතා එම අවස්ථාවේ ප‍්‍රකාශ කළේය.
ශ‍්‍රී ලංකාව එම ජයග‍්‍රහණ අත්කරගත් ආකාරය පිළිබඳ ව ද ඒ සඳහා විවිධාකාරයේ ගැලපීම් සිදුකර ඇති ආකාරය පිළිබඳ ව ද එහිදී ඔහු සතුට පළ කළේය. සමහර අයහපත් ප‍්‍රචාරයන් මැද වුවද තමන්ගේ නිෂ්පාදන ලෝකය වෙත ගෙන යාමට හැකිවී ඇති අතර ඒ සඳහා හොඳ ම නිදසුන වන්නේ සංචාරක ව්‍යාපාරයේ ඇති වී තිබෙන අති මහත් දියුණුව යැයිද කියා සිටියේය.
රජය විසින් ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ උතුරු නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘති රැසක් සාර්ථක ව නිමකර ඇති බවත් එ මඟින් එම පළාත් යථා තත්ත්වයට ගෙන ඒම සඳහා ආධාර වී ඇති බවත් ප‍්‍රකාශ කළ ඒ මහතා ආසියානු සංවර්ධන බැංකුව ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා හැකි සෑම සහයක් ම ලබාදෙන බව ද ඉතා කෙටි කලක් තුළ ආර්ථික ක්ෂේත‍්‍රයේ ලබාගත් ජයග‍්‍රහණ පිළිබඳ ව සුභ පැතුම් පිරිනමන බව ද ප‍්‍රකාශ කළේය.
ශ‍්‍රී ලංකාවේ ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂිකා රීටා ඕ. සුලිවන් මහත්මිය සහ සංවර්ධන විශේෂඥ හැන්ස් ජී. කාල්සන් මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
DB/KT_med
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
0 Responses for “ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 02ක් ”
Leave a Reply

Recently Commented
Recent Entries
Marketplace
