Flicker Images
Blogumulus by Roy Tanck and Amanda Fazani
2012 පියුචර්ගව් සාක් සමුළුව ශ්‍රී ලංකාවේ දී
Posted on Monday, July 9, 2012 and filed under news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
0122012 පියුචර්ගව් සාක් සමුළුව මෙම මස 18 සහ 19 දිනවල දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ. සාක් කලාපීය රටවල් කේන්ද්‍ර කර ගනිමින් මෙම සමුළුව පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ.
රටක රාජ්‍ය සේවාවන් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයෙන් සවි බල ගන්වමින් එම සේවාවන් වඩාත් කාර්යක්‍ෂම සහ ඵලදායී ලෙස ජනතාවට ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳ ව පුළුල් වශයෙන් අවධානයට ලක් කිරීම මෙම සමුළුවේ අරමුණ වේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙම සමුළුව සංවිධානය කරනු ලබයි.
ශ්‍රී ලංකාව ඇතුළු සාක් කලාපීය රටවල් සහ තවත් රටවල් ගණනාවක තොරතුරු තාක්ෂණ විශේෂඥයින් මෙන් ම වෘත්තීය වේදීහු මෙම සමුළුව සදහා සහභාගි වෙති.
ඩිජිටල් අන්තර්ගතයන් , ඉ- සෞඛ්‍ය හා එම් සෞඛ්‍ය, ජංගම රාජ්‍ය සහ තොරතුරු ආරක්‍ෂාව යන විෂයන් යටතේ මෙම සමුළුව පැවැත්වේ.
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී සමුළුව ආරම්භ වේ.
‘ඉ- රාජ්‍ය’ සංකල්පය පිළිබඳ ව රජයේ හා විපක්‍ෂ දේශපාලන පක්‍ෂ නියෝජිතයින් අතර විවෘත සංවාදයක් පැවැත්වීම මෙවර සමුළුවේ විශේෂත්වයක් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පි.ඩබ්ලිව්. ඈපාසිංහ මහතා පවසයි.
රජය නියෝජනය කරමින් රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ ඇමැති නවීන් දිසානායක සහ විපක්‍ෂය නියෝජනය කරමින් හර්ෂ ද සිල්වා යන මහත්වරු මෙම සංවාදයට සහභාගි වෙති.
ශ්‍රී ලංකා ටෙලිකොම් ශ්‍රී ලංකා මයික්‍රොසොෆ්ට් සහ ඉන්ටෙල් යන සමාගම් මෙම සමුළුව පැවැත්වීම සදහා සිය අනුග්‍රාහකත්වය දක්වයි.
ECB

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
0 Responses for “ 2012 පියුචර්ගව් සාක් සමුළුව ශ්‍රී ලංකාවේ දී ”
Leave a Reply

Recently Commented
Recent Entries
Marketplace