Flicker Images

පළමු දිනයේ ම පකිස්තාන කඩුලු සියල්ල බිඳවැටේ

Posted on Monday, July 9, 2012 and filed under . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site


sl - pakis pallekele 080712

අද (08) මහනුවර පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දී ආරම්භ වූ ශ්‍රී ලංකා - පකිස්තාන අවසන් ටෙස්ට් තරගයේ පළමු දින‍යේ දී ම පකිස්තානු පිල ලකුණු 226කට දවාගත් ශ්‍රී ලංකා පිල තරගය අවසන් කරන විට කඩුලු තුනක් බිඳවැටී ලකුණු 44ක් රැස්කර ගෙන සිටී.

කාසියේ වාසිය දිනා පන්දු රැකීමට තීරණය කළ නායක මහේල සමඟ වසර තුනකට පසු ව තරගාවලියක ජයග්‍රහණය අපේක්ෂාවෙන් අද තරගයට එක්වුණු ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ පන්දු යවන්නන්ගේ දස්කම් හමුවේ පකිස්තානය පළමු ඉනිම පළමු දිනයේ ම අවසන් කිරීමට හැකිවීම භාග්‍යයක් විණි.

එහෙත් අවසාන පැයේ යවන ලද පන්දු වාර 14 ක දී ලකුණු 44කට කඩුලු තුනක් බිඳ වැටීම සතුටට හේතුවක් නොවේ.

තිසර පෙරේරාගේ අනගි පන්දු යැවීම හමුවේ ලකුණු 63කට කඩුලු 4ක් දවාගත් අතර රංගන හේරත් ලකුණු 48කට කඩුලු 3ක් දවාගත්තේය. නුවන් කුලසේකර කඩුලු 2ක් ද ඇන්ජලෝ මැතිව්ස් එක් කඩුල්ලක් ද බිඳ දැමීය.

පකිස්තාන පිලේ අසාද් ෂාෆික් පමණක් ලකුණු 50 ඉක්මවමින් 75ක් රැස්කර ගත්තේය. මිස්බාහ් උල්-හක් ලකුණු 40කට දැවී ගියේ තිසර පෙරේරාගේ පන්දුවකට උඩපන්දුවක් ලබා දෙමිනි.

ශ්‍රී ලංකා පළමු ඉනිම ආරම්භ කළේ තරංග පරණවිතාන සහ දිනේෂ් චන්දිමාල්ය. චන්දිමාල් ලකුණු 8කට ද සංගක්කාර කිසි ම ලකුණක් නොලබා ද මහේල ජයවර්ධන ලකුණු 12කට ද සිය ඉනිම අවසන් කළහ. නොදැවී කඩුල්ලේ සිටින තරංග ලකුණු 13ක් ලබා සිටී. ජුනෙයිඩ් ඛාන් ලකුණු 15කට කඩුලු 2ක් ලබාගෙන සිටී.

ශ්‍රී ලංකා පිල අද තරගය නතර කරන විට පකිස්තාන පිලට වඩා ලකුණු 182ක් පහතින් සිටින්නේ කඩුලු 7ක් ඉතුරු ව තිබිය දීය. තවත් දින හතරක් තරගය පැවැත්වීමට තිබේ. ටෙස්ට් තරගාවලියේ සිහිනය බිඳ දමා නොගෙන තරගයට අවතීර්ණවීමට තවත් කල්යල් තිබෙන බව දැන හෙට පිටියට පිවිසීම යෙහෙකිය.

ශ්‍රී ලංකා කණ්ඩායම
මහේල ජයවර්ධන (නායක), දිනේෂ් චන්දිමාල්, තරංග පරණවිතාන, කුමාර් සංගක්කාර, තිලාන් සමරවීර, ඇන්ජලෝ මැතිව්ස්, ප්‍රසන්න ජයවර්ධන, තිසර පෙරේරා, නුවන් කුලසේකර,  දිල්හාර ප්‍රනාන්දු සහ රංගන හේරත්.

පාකිස්තාන කණ්ඩායම
මිස්බා උල් හක් (නායක), මොහොමඩ් හෆීස්, ටවුෆීක් උමාර්, අසාර් අලි, යූනිස් ඛාන්, ‍අසාඩ් ෂාෆීක්, අද්නාන් අක්මාල්, මොහමඩ් සාමි, උමාර් ගුල්, සයීඩ් අජ්මාල්, ජුනෙයිඩ් ඛාන්

- හරීන්ද්‍ර 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

0 Responses for “ පළමු දිනයේ ම පකිස්තාන කඩුලු සියල්ල බිඳවැටේ ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top