Flicker Images

මුන්නේෂ්වරම් කාලි කෝවිලේ වාර්ෂික බිලි පූජාව නතර කරන්න – හෙළ උරුමයෙන් ජනපතිට ලියුමක්..

Posted on Wednesday, August 29, 2012 and filed under . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site


මුන්නේෂ්වරම් කාලි කෝවිලේ පැවැත්වෙන වාර්ෂික බිලි පූජාව නතර කිරීමට අදාල පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කරමින් ජාතික හෙළ උරුමය විසින් ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකොට ඇති බව වාර්තා වේ.

එම පක්ෂයේ නායක, පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිගේ අත්සනින් නිකුත් කොට ඇති එම ලිපියේ සඳහන් ව ඇති කරුණු අතර කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේ දැනට වැඩ සිටින ප්‍රදේශය ද, මුන්නේෂ්වරම් කාලි කෝවිල පිහිටි ප්‍රදේශය ද වයඹ පලාත ම බව අවධාරණය කරමින් පවසා ඇත්තේ, යම් හෙයකින් මෙම බිලී පූජාව සිදු කලහොත්, එය දැනට ලක්ෂ ගණනක් පිරිසකගේ වන්දනාවට පාත්‍ර වී ඇති කපිලවස්තුපුර සර්වඥ ධාතූන් වහන්සේට ද කරන අගෞරවයක් බව ය.
එසේම,
“ජනපතිතුමා විසින් කියන්නේ නම් පමණක් මෙම බිලී පූජාව නතර කල හැකි යැ”යි මුන්නේෂ්වරම් කාලි කෝවිලෙහි ප්‍රධාන පූජකවරයා විසින් කල ප්‍රකාශය පදනම් කරගෙන මෙම සත්ව සංහාරය නැවැත්වීමට පියවර ගන්නා මෙන් පූජ්‍ය ඕමල්පේ සොභිත හිමියෝ ජනපතිවරයා වෙත දන්වා සිටිති.

සම්පූර්ණ ලිපිය පහත දැක්වේ..
- සිංහලයා පුවත්

———————————————————-
ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ
අතිගරු ජනාධිපති,
මහින්ද රාජපක්‍ෂ මැතිතුමා,
අරලියගහ මන්දිරය,
කොළඹ 03.

අතිගරු ජනාධිපතිතුමනි,
මුන්නේෂ්වරම් කාලි කෝවිලේ බිලි පූජාව අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත නතර කිරීමට එකඟවීම.
හලාවත මුන්නේෂ්වරම් කාලි කෝවිලේහි වාර්ෂිකව සිදු කරන සත්ව බිලිපූජාව එළඹෙන සැප් 01 වනදා සිදු කිරීමට මෙවරද කටයුතු සුදානම් කර තිබේ. මෙම මිලේච්ඡු බිලිපූජාවට ජාතික හෙළ උරුමය ඇතු`ඵ භික්‍ෂූ සංවිධාන ද සත්ත්ව අවිහිංසා සංවිධාන හා බෞද්ධ සංවිධානද මුන්නේෂ්වරම් හින්දු මහ කෝවිල ඇතු`ඵ සමස්ත ලංකා හින්දු සම්මේලනය ද වසර ගණනාවක් තිස්සේ විරෝධය පළ කර ඇත.
මෙවර උක්ත බිලිපූජාව සිදුකරන කාලි කෝවිලෙහි ප‍්‍රධාන පූජකතුමා වැදගත් ප‍්‍රකාශයක් කර ඇත. ජනාධිපතිතුමා ඉල්ලීමක් කරන්නේ නම් අදාළ බිලිපූජාව නැවැත්වීමට ඔවුන් සුදානම් බවට අද දින මව්බිම, ලක්බිම ආදී ජාතික පුවත්පත්වල පළ වී ඇත. එබැවින් මෙම බිලිපූජාව නතර කිරීමේ හැකියාවක් ඔබතුමාට දැන් උදා වී ඇත.
එළඹෙන සැප්තැම්බර් 01 වන දින මෙම බිලිපූජාව සිදුවන දිනයේ ඉන්දියාවෙන් වැඩම කළ කපිලවස්තු සර්වඥධාතු වාරියපොළ ශී‍්‍ර සුමංගල විහාරස්ථානයේ ප‍්‍රදර්ශනය කෙරේ. බිලිපූජාව පවත්වන කාලි කෝවිල හා වාරියපොළ ශී‍්‍ර සුමංගල විහාරස්ථානය ද පිහිටා ඇත්තේ වයඹ පලාත තුළමය. එබැවින් උක්ත සත්ත්ව බිලිපූජාව සර්වඥ ධාතු ප‍්‍රදර්ශනයට ද අගෞරවයකි.
එබැවින් මේ පිලිබඳ කරුණික අවධානය යොමු කර මෙම බිලිපූජාව නතර කිරීම සඳහා අදාළ කාලි කෝවිලෙන් ඉල්ලා සිටින මෙන් මෙත් සිතින් ඉල්ලා සිටිමු.
ඔබතුමාට තෙරුවන් සරණයි !
මෙයට,

පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි
නායක - ජාතික හෙළ උරුම




0 Responses for “ මුන්නේෂ්වරම් කාලි කෝවිලේ වාර්ෂික බිලි පූජාව නතර කරන්න – හෙළ උරුමයෙන් ජනපතිට ලියුමක්.. ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top