Flicker Images
Blogumulus by Roy Tanck and Amanda Fazani
ශ්‍රී ලංකන් ගුවන් සමාගම කාබන් දහනය අඩු කිරීමේ වෑයමක
Posted on Monday, August 20, 2012 and filed under Business . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site

ආයතනික හා පුද්ගල සිතුම් පැතුම් පරිසර හිතකාමී වීමේ වැදගත්කම අවධාරණය කරමින් පෘතුවි තලයේ යහපැවැත්මේ තීරණාත්මක වැදගත්කම පිළිබඳ දැනුම්වත්කම දෙගුණ කිරීම පිණිස ලෝක පරිසර දිනයේ දී ගුවන් සේවය නව උපක්‍රමික පියවර ගණනාවක් ම හඳුන්වා දී ඇත.
ලෝක පරිසර දිනයත් සමඟ ඇරඹෙන මූලික “හරිත” පියවරවලට පැළ සිටුවීමේ හා පැළ බෙදාහැරීමේ වැඩසටහන් පරිසරය සුරැකීම පිළිබඳ ළමා චිත්‍ර තරග පරිසර විනාශය හුවා දැක්වෙන ඡායාරූප තරග, ගෝලීය ජාලයේ සේවයේ නියුක්ත ගුවන් සේවා සේවකයන් අරමුණු කර ගත් විශේෂ දැනුවත් කිරීමේ වැඩ සටහන් සහ පාසල් සිසුන් තුළ හරිත ආකල්පයන් ජනිත කිරීමේ බාහිර වැඩ සටහන් සඳහා අනුග්‍රහය දැක්වීම ආදිය ඉන් සමහරකි. මෙම සතියේ මේ වැඩ සටහන් මෙහෙයවීම පිළිබඳ ව මූලිකත්වය ගෙන ක්‍රියා කරනු ලැබූවේ ගුවන් සේවයේ හරිත මෙහෙයුම් කමිටුවයි.
ආයතනික වශයෙන් හෝ තනි තනි පුද්ගලයන් වශයෙන් ගත්තත් මෙම පෘතුවි තලය යහපත් අයුරින් පවත්වා ගෙන යාම සෑම පුද්ගලයෙකුගේ ම වගකීම වේ.
දැනට 2%ක මට්ටමේ තිබෙන සියලූ ම ගෝලීය ගුවන් යානා වායු (අංගාරිකාම්ල වායුව -Carbon Dioxide) විමෝචනය වර්ෂ 2050 වන විට 2.5% දක්වා ඉහළ යා හැකි බවට ගණන් බලා ඇති බැවින් ලොව සියලූ ම ගුවන් සමාගම් සිය වායු විමෝචනය 2050 වන විට අඩකින් අඩු කිරීමට ප්‍රතිඥා දී ඇත. තවත් වසර 50ක් ගත වන විට ගුවන් යානා මෙහෙයුම්වලින් පිටවන වායු විමෝචනය ශූන්‍ය අගයකට පත් කළ යුතු යැයි ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) ප්‍රබල පණිවිඩයක් සියලු ගුවන් සමාගම් වෙත ලබා දී ඇත.
ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගම 2009 ජනවාරි මාසයේ දි සිය ආයතනික පරිසර ප්‍රතිපත්තිය සකස් කළේ එදිනෙදා තත්ත්වයන් අනුව පැන නගින ප්‍රශ්න පරාසයක් විසඳීම පිණිසය. එහි ලා ප්‍රධාන අවධානය යොමු වූයේ ප්‍රසස්ත භාවිතයන් අනුගමනය කිරීම තුළින් ගුවන් යානා ඉන්ධන කළමනාකරණය හා අරපිරිමැස්ම කෙරෙහිය.
සේවයේ යොදවා ඇති සෑම ගුවන් යානයක ම මෙහෙයුම් කාර්යක්ෂමතාව උපරිමයට පත් කෙරෙන බවට වගබලා ගැනීම සඳහා ඒවා ඉතා සමීපස්ථ ව අගැයීමට ලක් කෙරේ. ගුවන් යානා පිටුපසට තල්ලු කිරීමේ දී ගුවන් ධාවන පථය හා පර්යන්තය අතර ධාවනයේ දී (Taxing) ගුවනේ සිට යානා පහත් කිරීමේ දී ගොඩ බැස්සවීමේ දී යානා නවත්වා තිබිය දී පරිශ්‍ර බලගැන්වීම් ඒකක භාවිතය සහ ගුවන් යානා එන්ජින් නඩත්තුවේ දී හා ඒවා සේවා කිරීමේ දී කාර්යක්ෂමතාව වැඩි කිරීම යනාදිය දැනට ක්‍රියාතමක කර ඇති පියවරවලින් සමහරකි.

ශ්‍රීලංකන් සමාගම විසින් ක්‍රියාත්මක කර ඇති පියවර සියල්ල ම පාහේ කාබන් වායු විමෝචනය අවම කිරීමෙහි ලා දරා ඇති සැලකිය යුතු ප්‍රයත්නයක් බව ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) ඉන්ධන කාර්යක්ෂමතාව පිළිබඳ විශේෂඥ කණ්ඩාමක් විසින් අගැයීමට ලක් කර ඇත.
පරිසරය ආරක්ෂා කිරීම සඳහා සාමූහික වගකීමක් දැරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් මෙන් ම වෙනසක් ඇති කිරීම සඳහා තම තමන් විසින් කවර ක්‍රියාමාර්ගයන් ගත යුතු ද යන්න පිළිබඳ ව සිය කාර්යමණ්ඩලීකයන්, සේවාලාභීන් හා පොදු ජනතාව කෙරෙහි බලපෑමක් ඇති කිරීම සඳහා ආරම්භක ආදර්ශමත් පියවරක් වශයෙන් ශ්‍රීලංකන් සමාගම විසින් දකුණු ආසියාවේ ප්‍රථම මිහිකත හිතකාමී ගුවන් ගමන ක්‍රියාත්මක කර ඇත. ගුවන් යානයක ඉන්ධන ඉතිරිය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරන එහි බර අඩු කරලිය හැකි ක්ෂේත්‍ර නිරන්තරයෙන් ම හඳුනාගැනීම ඒ සඳහා ම කැප වූ පාරිසරික ඒකකයක් මඟින් නිරතුරු ව ම සිදුවේ. ගුවන් සමාගමේ දිගුකාලීන අභිප්‍රාය හෙවත් අරමුණ වන්නේ සෑම ගුවන් ගමනක් ම මිහිකත හිතකාමී ගුවන් ගමනක් බවට පත් කිරීමයි.


ශ්‍රී ලංකන් කේටරිං සමාගම සිය නවීකරණය කරන ලද ආහාර අපද්‍රව්‍ය ජීවානුහරණ හා පරිසර සංරක්ෂණ වැඩ සටහන සඳහා ජාත්‍යන්තර සංචාරක ආහාරපාන සැපයුම් සංගමය මගින් පිරිනැමෙන ගෝලීය සංචාරක ආහාර සැපයුම් කර්මාන්තයේ ගෞරවනීය මර්කරි (Mercury) සම්මාන දෙකක් දිනා ගෙන ඇත.
ජාතික මට්ටමින් ශ්‍රීලංකන් කේටරිං සමාගම ක්‍රියාත්මක මට්ටමේ පවතින පාරිසරික ඉලක්ක හා භාවිතයන් සඳහා වන ජාතික බලශක්ති කාර්යක්ෂමතා රන් සම්මානය දිනා ගෙන ඇත.
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම, ශබ්ද දූෂණය පිළිබඳ දැඩි ජාත්‍යන්තර ප්‍රමිති ද සපුරාලමින්, සිවිල් ගුවන් සේවා බලධාරීන් විසින් පනවා ඇති අදාළ අවශ්‍යතාවන්ට හා ක්‍රියාකාරී සීමාවන්ට අනුගත වෙමින්, නිරන්තරයෙන් ම ශබ්ද මට්ටම් තක්සේරු කරමින් සිටී. දැන් ආරම්භ කර ඇති නව ගුවන් යානා එක් කර ගැනීමේ ව්‍යාපෘතියත් සමග, ගුවන් සේවයේ ශබ්ද දූෂණය අනාගතයේ දී බෙහෙවින් අඩු වනු ඇති බව ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම පවසයි .
ඉන්ධන පිරිමැසීම, බලශක්තිය ඉතිරි කර ගැනීම, ප්‍රතිචක්‍රීයකරණය සහ වෙනත් ක්ෂේත්‍රයන්හි ක්‍රියාත්මක කළ පියවර පරිසරවේදීන්ගේ අවධානයට යොමු වී ඇත. දැනට, මෙම ගුවන් සේවය, ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ පරිසර ඒකකය සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ශ්‍රී ලංකන් සමාගම, ප්‍රජා මූලික පරිසර සංරක්ෂණ ආයතනයක් සමග හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම සඳහා, වැසි වනාන්තර රැක ගැනීමේ ජාත්‍යන්තරයේ ප්‍රථම ආයතනික අනුග්‍රාහකයා බවට පත්වී ඇති බවද ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම පවසයි. සොබාදහම් දිනිතිය රැක ගැනීමේ ජාත්‍යන්තර සංගමය (IUCN) සහ ශ්‍රී ලංකන් සමාගම එක් ව, මහා පරිමාණයේ පරිසරය සුරැකීමේ හා කාබන් අකර්මණ්‍ය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ඇත.

සිවිල් ගුවන් සේවා බලධාරීන් සහ ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරය සමග එක් ව කටයුතු කරමින්, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සේවය, දැන් පරිසර හිතකාමී ගුවන් තොටුපොළක් සඳහා මහා සැලසුම් සහ ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා කර්මාන්තය සඳහා පාරිසරික ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳ ව සාකච්ඡා පවත්වමින් සිටී.
ශ්‍රී ලංකන් සමාගම දැනට නිරත ව සිටින ප්‍රයත්නයන් වනාහි, අනාගතයේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත කාබන් පිටුදැකීමේ වැඩසටහන්, භාවිතය අඩු කිරීම, නැවත නැවත පාවිච්චි කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණය සම්බන්ධයෙන් අනාගතයේ දී ක්‍රියාත්මක කිරීමට යන ප්‍රතිපත්තිවල හා පරිසරහිතකාමී ජීවන ශෛලීන් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලියේ අංශුමාත්‍රයක් පමණි.
අනාගතයේ දී ක්‍රියාත්මක කිරීමට යන සැලසුම් අතර, ගුවන් මගීන් කාබන් අකර්මණ්‍ය කිරීමේ වැඩ සටහනකට එක්කර ගැනීම, ඉන්ධන උපරිම වශයෙන් පිරිමසින ගුවන් යානා පද්ධතියක් පිහිටුවීම, පරිසර හිතකාමී ද්‍රව්‍ය සපයා ගැනීම, ඉංජිනේරුමය අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමයක් ආරම්භ කිරීම සහ ගුවන් සේවය සඳහා කාබන් අකර්මණ්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ද අදාළ වන බව ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම පවසයි.
එනූෂා බණ්ඩාර / ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
0 Responses for “ ශ්‍රී ලංකන් ගුවන් සමාගම කාබන් දහනය අඩු කිරීමේ වෑයමක ”
Leave a Reply

Recently Commented
Recent Entries
Marketplace
