Flicker Images

සරසවි ඇදුරු වැටුප් වැඩිවීම වසර පහක දී – ආචාර්යවරුන්ගේ සම්මේලනය රජය සමඟ එකඟතාවකට

Posted on Friday, October 19, 2012 and filed under . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site


ඉදිරි වසර පහක කාලසීමාවක දී මධ්‍යකාලීන වැඩපිළිවෙළකින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ක්‍රමික ව වැඩිකිරීමට රජය ගෙන ආ යෝජනාවට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නියෝජිතවරුන් එකඟ වී ඇතැයි වාර්තා වේ.

රජය විසින් එම යෝජනාව ලිඛිත ව ලබා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ශාඛාවන් රැස් වී එහි තීරණය අද (ඔක්‍තෝබර් 10) සම්මේලනයට ලබාගැනීමෙන් අනතුරු ව දින 99ක් තිස්සේ පැවති වැඩ වර්ජනය අවසන් කිරීමට පියවර ගනු ඇත. මේ සඳහා අද උදෑසන ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක කමිටුව රැස් වී තීරණය කිරීමට නියමිත ව තිබිණි.
මේ සම්බන්ධයෙන් රජය සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මගින් සිදුකරන ඒකාබද්ධ ප‍්‍රකාශය අද පස්වරුවේ නිකුත්කිරීමට නියමිත ව තිබේ.
පසුගිය ජූලි 04 වැනි දා ආරම්භ කරන ලද විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය නිසා රටේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ම කටයුතු අකර්මණ්‍ය වී තිබේ.
රජය සමඟ පැවති සාකච්ඡාවල දී මූලික ඉල්ලීමක් වූ රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කිරීමේ ඉල්ලීම පිළිබඳ ව රජයෙන් එකඟතාවක් ලැබී නැති වුව ද වර්ජනය අඛණ්ඩ ව ගෙන යෑමට එය හේතුවක්කර නොගන්නා බවත් 6% ඉල්ලීම වෙනුවෙන් ඉදිරියේ දීත් පෙනී සිටින බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප‍්‍රකාශකර තිබේ.

0 Responses for “ සරසවි ඇදුරු වැටුප් වැඩිවීම වසර පහක දී – ආචාර්යවරුන්ගේ සම්මේලනය රජය සමඟ එකඟතාවකට ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top