Flicker Images

වතුර විකිණීමේ හෝ බදු ගැසීමේ අදහසක් නෑ

Posted on Wednesday, October 24, 2012 and filed under . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site


ජලය සඳහා බදු මුදලක් අය කිරීමට කටයුතු කෙරෙමින් පවතින බවට විවිධ මාධ්‍යවලින් පළ වී ඇති ප්‍රවෘත්තිය පදනම් විරහිත අසත්‍ය පුවතක් බව රජය පවසයි.
ජලය සඳහා බදු මුදලක් අය කිරීමක් ගැන මේ වන විට ජනතා තුළ පවතින මතය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රජය පැහැදිලි කිරීමක් කර නි‍වේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ මෙසේ ද දැක් වේ.
භූගත ජලය යනු අප ශ්‍රී ලංකාව සතු වටිනා සීමිත සම්පතකි. මතුපිට ජලය සමඟ සැසඳීමේදී භූගත ජල ප්‍රමාණය ඉතා සීමිතය. එම නිසා අනාගතය වෙනුවෙන් මෙම භූගත ජලය ආරක්ෂා කර ගැනීම අප සතු යුතුකමක් මෙන් ම වගකීමකි. අසීමිතව මෙන් ම අක්‍රමවත් ලෙස මෙම භූගත ජලය පරිහරණය කිරීමෙන් අනාගතයේ දී අහිතකර බලපෑම් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇත. එබැවින් මෙම සම්පත ආරක්ෂා කර ගැනීම පිණිස කිසියම් පාලනයක් කළ යුතු බව ජල සම්පත් මණ්ඩලයට පෙනී ගිය බැවින්, එය පාලනය කළ යුතු ආකාරය සාකච්ඡාවට භාජනය විය.
ව්‍යාපාරික හා කාර්මික අවශ්‍යතා සඳහා විශාල පරිමාණයෙන් භූගත ජලය ලබා ගන්නා බැවින්, එම ජලය ලබා ගැනීමේ ප්‍රමාණය, පවත්නා ජල ප්‍රමාණයේ ධාරිතාව ආදිය පරීක්ෂාවට ලක් විය යුතු බව පෙනී යන ලදි. එම නිසා ව්‍යාපාරික හා කාර්මික අවශ්‍යතාවන් සඳහා ජලය ලබා ගන්නා අවස්ථාවලදී පමණක් එම ස්ථාන ලියාපදිංචි කර පසුව කෙරෙන ධාරිතා පරීක්ෂණ ආදිය සඳහා වියදම් පියවීම පිණිස කිසියම් ගාස්තුවක් අයවිය යුතු බවට යෝජනා විය. මේ කරුණු හා යෝජනා පිළිබදව ආයතන මට්ටමින් සාකච්ඡා වෙමින් පවතින බවත්, අවසන් නිගමනයකට පැමිණ නැති බවත් ජල සම්පත් මණ්ඩලය අවධාරණය කරයි. ඉදිරියේදි මෙම නව යෝජනා, විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට ඉදිරිපත් කොට අමාත්‍යවරයාගේ උපදෙස් අනුව කටයුතු කරන බවත්, මේ පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් ද, මේ දක්වා ඉදිරිපත් කර නොමැති බවත්, ජල සම්පත් මණ්ඩලය දන්වයි.
එමෙන්ම, ව්‍යාපාරික හා කාර්මික අවශ්‍යතා සඳහා වූවත් මුදල් අයකිරීමක් තීරණය වන්නේ නම්, එම තීරණය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල එකඟතාව ලබා ගත යුතු ව ඇත. කෙසේ වුවත් ඉහතින් ස‍ඳහන් කළ පරිදි විශාල ප්‍රමාණයෙන් භූගත ජලය ලබා ගන්නා ස්ථානවල පමණක් මෙම නියාමන කටයුතු සිදු කිරීමට යෝජනා වී ඇත.
ගෘහස්ථ ළිං, පානීය ජලය (භූගත හෝ මතුපිට ජලය) ලබා ගන්නා ප්‍රජාමූල සංවිධාන මගින් හෝ වෙනයම් ආකාරයකින් පාලනය වන හෝ පුද්ගලයින් සතු ළිං හෝ වෙනත් ජල මුලාශ්‍ර කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගන්නා ජලය ආදිය වෙනුවෙන් කිසිදු බදු මුදලක් පැනවීමේ අදහසක් නොමැති අතර විශේෂයෙන් ම එය වත්මන් රජයේ ප්‍රතිපත්තිය වේ.
ජල සම්පත් මණ්ඩලය තම විශේෂ අවධානය භූගත ජලය සම්බන්ධයෙන් යොමුකර ඇති බැවින් සීමිත භූගත ජලය ආරක්ෂා කර ගැනීම පිණිස කෙරෙන යෝජනාවක් හැර මෙමගින් ජලය විකිණීම හෝ බදු පැනවීම යන්නක් අදහස් නොකරේ.

0 Responses for “ වතුර විකිණීමේ හෝ බදු ගැසීමේ අදහසක් නෑ ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top