Flicker Images
Blogumulus by Roy Tanck and Amanda Fazani
වැලිකඩ බන්ධනාගාරයේ කලබලයෙන් 11ක් මරුට 40ක් තුවාල ලබා රෝහලේ
Posted on Saturday, November 10, 2012 and filed under news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
කොළඹ, බේස්ලයින් පාරේ වැලිකඩ බන්ධනාගාරයේ අද (නොවැම්බර් 09) පස්වරුවේ ඇති වූ කලහකාරී තත්ත්වය තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නැතැයි වාර්තාවේ.
පොලිස් විශේෂ කාර්ය බලකායට අමතරව යුද හමුදාව ද කැඳවන්නට සිදු වූ අතර ආරක්ෂක අංශ සාමාජිකයින් එහි තත්ත්වය පාලනය කිරීමට පියවර ගනිමින් සිටී.
කලහකාරී ලෙස හැසිරෙන රැඳවියන් රිමාන්ඩ් බන්ධනාගාරයේ වහළ මත නැගී සිටින අන්දමත් ඔවුන් අත ගිනි අවි පවා තිබෙන ආකාරයත් දැකගත හැකිවිණි. බන්ධනාගාරය ඇතුළතින් වරින්වර පිපිරුම් ශබ්ද තවමත් ඇසෙමින් පවති. බන්ධනාගාරය ඉදිරිපිට බේස්ලයින් පාර හා අනෙකුත් අතුරු මාර්ග වසා දමා ඇත.
අලුත්ම තොරතුරුවලින් වාර්තා වන්නේ රැඳවියන් එහි අවිගබඩාව බිඳ එම ආයුධ පැහැරගත්තා විය හැකි බවයි.
සිද්ධියෙන් මේ වනවිට 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙන අතර කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පැවසුවේ රෝහලට ඇතුළත් කරන විටත් 11 දෙනෙකු මියගොස් සිටි බවයි. එස්.ටී.එෆ්. සෙබළුන් 8 දෙනෙකු, බන්ධනාගාර නිලධාරියෙකු ඇතුළු තුවාලකරුවන් 40 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇත. පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්ලිව්.එම්.සී. රණවන මහතා ද තුවාල කරුවන් අතර සිටී. ඔහු ශල්‍යකර්මයකට භාජනය කර ඇත. රෝහලේ සිටින තුවාල කරුවන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද පැවසේ.
Source:- http://sinhalaya.com
0 Responses for “ වැලිකඩ බන්ධනාගාරයේ කලබලයෙන් 11ක් මරුට 40ක් තුවාල ලබා රෝහලේ ”
Leave a Reply

Recently Commented
Recent Entries
Marketplace
