Flicker Images
Blogumulus by Roy Tanck and Amanda Fazani
වැලිකඩ කැරැල්ලේ පරීක්ෂණ සීඅයිඩීයට – 27ක් මරුට – හිරෙන් පැන්න 10 දෙනාගෙන් තිදෙනෙකු අතුරුදහන්
Posted on Tuesday, November 13, 2012 and filed under news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇතැයි අද (නොවැම්බර් 11) ප්‍රකාශ කර තිබේ.
සිද්ධියෙන් 27 දෙනෙකු මියගිය අතර රෝහල්ගත කරන ලද තුවාලකරුවන් 42 දෙනාගෙන් 20 දෙනෙක් තවම ප්‍රතිකාර ලබති. දැඩි සත්කාර ඒකකයේ තිදෙනෙකු සිටින අතර සිද්ධියෙන් තුවාල ලද පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්ලිව්.එම්.සී. රණවන මේ වනවිට සැත්කම්වලට භාජනය කර තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ පස්දෙනෙකු ද යුදහමුදාවේ එක් අයෙකු හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද රෝහලේ ප්‍රතිකාර ලබති.
වැලිකඩ බන්ධනාගාරයේ සිර මැදිරි තුළට නීතිවිරෝධී උපකරණ හා මත්ද්‍රව්‍ය වැනි තහනම් දෑ රැගෙන ගොස් ඇති බවට ලැබුණු තොරතුරු මත 700 දෙනෙකු පමණ මෙම හදිසි සෝදිසි මෙහෙයුම කළ බව බලධාරීන් පවසන අතර ඒ සඳහා සහභාගී වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග රැඳවියන් ගැටුම ඇති කර ගෙන තිබෙන බව පැවසේ.
රැඳවියන් බන්ධනාගාරයේ අවිගබඩාවක් කඩා පැහැරගත් ගිනිඅවිවලින් වෙඩිතැබීම් සිදුකර ඇත. අවි ගබඩාවේ බිත්තියක් කඩා එයට ඇතුළුවූ රැඳවියන් එම ගබඩාවේ තිබූ ගිනිඅවි 84ක් පැහැර ගෙන ඇත. එම ගිනි අවිවලට ටී.56 ගිනිඅවි 68ක්, මිලිමීටර් 9 අවි 05ක්, .38 වර්ගයේ රිවොල්වර සහ රිපීටර් අවි අයත් වේ. පැහැරගත් අවි ආපසු ලැබී තිබෙන අතර අද පස්වරුව වනවිට ඉන් එක් අවියක් පමණක් සොයාගැනීමට හැකි වී නැතැයි වාර්තා විණි.
සිද්ධිය අවස්ථාවේ රැඳවියන් 10 දෙනෙකු පලාගොස් ඇති බව දැනට වාර්තා වන අතර ඉන් 7 දෙනෙකු අද සවස් වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. තිදෙනෙකු තවම අතුරුදහන් බව පැවසේ.
මියගිය 27 දෙනා අතර බරපතළ ගනයේ අපරාධවලට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි වූ සහ මරණ දඬුවම නියම වූ අය ද සිටින බව පැවසේ. ගැටුමෙන් මියගිය අයගේ පශ්චාත් මරණ කටයුතු අද සිදු කෙරුණු අතර සිරුරු ඔවුන්ගේ ඥාතීන් වෙත බාර දීමට පියවර ගෙන තිබුණි.
සිද්ධියෙන් බන්ධනාගාරයට සිදු ව ඇති හානිය රුපියල් කෝටියක් පමණ වන බව ද වාර්තා වේ.
Source:- http://sinhalaya.com
0 Responses for “ වැලිකඩ කැරැල්ලේ පරීක්ෂණ සීඅයිඩීයට – 27ක් මරුට – හිරෙන් පැන්න 10 දෙනාගෙන් තිදෙනෙකු අතුරුදහන් ”
Leave a Reply

Recently Commented
Recent Entries
Marketplace
