Flicker Images

නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩා සංකීර්ණය ජූලි 01 දා ජනපති අතින් ජනතා අයිතියට

Posted on Friday, June 29, 2012 and filed under , . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site


cricket stadium

 ක‍්‍රීඩාව ගමට ගෙන යාමේ අරමුණින් ක‍්‍රීඩා අමාත්‍යංශයේ පළාත් ක‍්‍රීඩා සංකීර්ණ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 250ක වියදමකින් ඉදිකළ නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩා සංකීර්ණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජුලි 01 දා පස්වරු 2.00 ට ජනතා අයිතියට පත් කෙරෙන බව ක‍්‍රීඩා අමාත්‍යංශය පවසයි.
දිවයිනේ ග‍්‍රාමීය මට්ටමේ සිට ක‍්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කර ග‍්‍රාමීය මට්ටමේ සිටින දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර මට්ටම දක්වා ගෙන යාම සඳහා ජාත්‍යන්තර ප‍්‍රමිතියකින් හා ඉහළ තාක්ෂණයකින් යුත් ක‍්‍රීඩා සංකීර්ණ ප‍්‍රාදේශීය, දිස්ත‍්‍රික්, පළාත් මට්ටමින් ඉදි කෙරේ. පළාත් මට්ටමින් පසුගිය වසරේ ආරම්භ කළ උතුරු පළාතේ කිලිනොච්චි ක‍්‍රීඩාංගණය, ඌව පළාත් ක‍්‍රීඩාංගණය, උතුරු මැද පළාත් ක‍්‍රීඩාංගණ අතරින් ප‍්‍රථමයෙන් නිම කළ නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණය ජූලි මස 01 වන දින ජනතා අයිතියට පත් කරන අතර, සෙසු ක‍්‍රීඩාංගණ ද මේ වසර අවසාන වන විට ජනතා අයිතියට පත් කිරීමට නියමිත යැයි ක‍්‍රීඩා අමාත්‍යංශය පවසයි.
මෙතෙක් කොළඹට පමණක් සීමා වී තිබූ ක‍්‍රීඩා පහසුකම් කොළඹින් පිට දුෂ්කර ග‍්‍රාමීය ප‍්‍රදේශවලට ගෙන යාමෙන් ගම්බද සිටින දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මෙම ක‍්‍රීඩා සංකීර්ණ ව්‍යාපෘති තුළින් විශාල සේවාවක් සපයන අතර, විශේෂයෙන් ක‍්‍රීඩා 25ක් ක‍්‍රීඩා කිරීමට අවශ්‍ය පහසුකම් මෙම ක‍්‍රීඩා සංකීර්ණ ව්‍යාපෘතිය තුළින් ලබා දී ඇත.
මීටර් 400ක ධාවන පථයක් මීටර් 200ක පුහුණු ධාවන පථයක් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයක් පාපන්දු, රගර් ක‍්‍රීඩා කළ හැකි ක‍්‍රීඩාංගණයක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් වන අතර, ක‍්‍රීඩා 25ක් පුහුණු විය හැකි අංග සම්පූර්ණ ගෘහස්ථ ක‍්‍රීඩාංගණයකින් ද මෙය සමන්විත වේ.
නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේ මංතීරු 08කින් යුත් පිහිනුම් තටාකයක් ද ඉදි කර ඇති අතර, පේ‍්‍රක්ෂකයින් 500කට ආසන පහසුකම් සපයා තිබේ. ක‍්‍රීඩාංගණයේ විශේෂ ප‍්‍රභූ පේ‍්‍රක්ෂකාගාරය ආසන 300 කින් සමන්විත වන අතර, ප‍්‍රභූ පේ‍්‍රක්ෂකාගාරය ආසන 500කින් සමන්විත වේ. 5000කට අධික ක‍්‍රීඩා ලෝලීන් පිරිසක් සහභාගී විය හැකි මහජන පේ‍්‍රක්ෂකාගාරයකින් සමන්විත නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයෙන් නාවලපිටිය, ගම්පොළ, ගිනිගත්හේන, හැටන් ප‍්‍රදේශවල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ක‍්‍රීඩා පහසුකම් ලබා ගත හැකිය.
නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණය ඉදිකිරීමෙන් මෙතෙක් කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයට පමණක් සීමා වී තිබූ ජාතික හා ජාත්‍යන්තර ක‍්‍රීඩා තරග කොළඹින් පිට පළාත්වල පැවැත්වීමට හැකි වීමෙන් එම ප‍්‍රදේශවල සිටින පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇතුළු ප‍්‍රදේශයේ ක‍්‍රීඩා ලෝලීන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා ගැනීමට හැකි වීම ක‍්‍රීඩාව පිළිබඳ ව ජනතාව තුළ විශේෂ උනන්දුවක් ඇති වනු ඇතැයි ක‍්‍රීඩා අමාත්‍යංශය පවසයි.
DB

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

0 Responses for “ නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩා සංකීර්ණය ජූලි 01 දා ජනපති අතින් ජනතා අයිතියට ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top