Flicker Images
සීෂෙල්ස් මහ කොමසාරිස්, නියෝජ්‍ය කතානායක හමුවේ
Posted on Friday, June 29, 2012 and filed under breakingnews , news , politics . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා හා සීෂෙල්ස් රාජ්‍ය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරයා ලෙස පසුගියදා පත් වූ වේවියන් වින්ස්ලෝ මහතා අතර විශේෂ සාකච්ඡාවක් 28 පාර්ලිමේන්තුවේ නියෝජය කතානායක කාර්යාලයේ දී සිදු විය.
එහි දී දෙරට අතර පවතින පාරිසරික, භූගෝලීය, සමාජයීය, සමානතාවන් පිළිබඳ ව කරුණු සාකච්ඡා කරන ලදි. එමෙන් ම ශ්‍රී ලංකාව හා සීෂෙල්ස් රාජ්‍ය අතර ඍජු ගුවන් ගමන් හා වෙළඳ නෞකා ගමන් ඇති කිරීමට ඉදිරියේ දි කටයුතු යෙදීම පිළිබඳ ව ද සීෂෙල්ස් මහ කොමසාරිස්වරයා හා නියෝජ්‍ය කතානායක තුමා සාකච්ඡා කරන ලදි.
සීෂෙල්ස් රජයේ ජනාධිපතිතුමා ලබන ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එහි දී දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවන් තව දුරටත් තර කර ගැනීමට හැකි වනු ඇති බව ද මහ කොමසාරිස්වරයා පැවසීය. ශ්‍රී ලංකාවේ දැනට සිදුවන සංවර්ධනය පිළිබඳ ව තමා ඉතා අගය කරන බව ද ශ්‍රී ලංකාවේ ආයෝජකයින්ට සීෂෙල්ස් රාජ්‍යයේ ආයෝජන කටයුතු සඳහා ආරාධනය කරන බව ද ඔහු වැඩි දුරටත් සදහන් කළේය.
මහ කොමසාරිස්වරයා වෙත සමරු සිහිවටනයක් ද නියෝජ්‍ය කතානායකතුමා විසින් ප්‍රදානය කරන ලදි.
HC/NUJ
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
