Flicker Images
පාරිභෝගික අධිකාරියෙන් වැටලීම් 17,689ක්
Posted on Saturday, July 7, 2012 and filed under news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා පාරිභෝගික අධිකාරිය මඟින් වැටලීම් 17,689ක් සිදුකර ඇති බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඒ අනුව මෙම වැටලීම් මඟින් අය කර ගත් දඩ මුදල රුපියල් මිලියන 52කි.
එළවළු සහ පලතුරු ප්‍රවාහනයේ දී ආරක්ෂිත ඇසුරුම් භාවිතා නොකිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ විකිණීම, මිල වෙනස් කිරීම, පුවත්පත් දැන්වීම්වල මිල සඳහන් නොකිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, වගකීම් සහතික නිකුත් නොකිරීම යන වැරදි සම්බන්ධයෙන් පාරිභෝගික පනත උල්ලංඝනය කළ ව්‍යාපාරිකයින් 17,689 දෙනෙකුට මෙසේ නීති මඟින් කටයුතු කර තිබේ.
වැඩි ම වැටලීම් සංඛ්‍යාවක් සිදු කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ වැටලීම් 2,292කි. මහනුවර 1915ක් ද ගම්පහ 1572ක් ද කුරුණෑගල වැටලීම් 1246ක් ද මාතලේ 1096ක් ද සිදු කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ECB

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.