Flicker Images
පුනරුත්ථාපිත එල්ටීටීඊ සාමාජිකයින් 5,000ක් සිවිල් ආරක්ෂක සේවයට
Posted on Tuesday, July 3, 2012 and filed under breakingnews , news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
සිවිල්
ආරක්ෂක දෙපාර්තමේන්තුවට විවිධ වෘත්තීයමය තරාතිරම් සඳහා පුනරුත්ථාපිත
එල්ටීටීඊ සාමාජිකයින් උතුරු නැගෙනහිර පළාත්වලින් බඳවා ගැනීමට සැලසුම් කර
ඇත. ඒ ඒ පළාත්වල සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මගින් පවත්වාගෙන යන
කෘෂිකාර්මික ව්‍යාපෘතිවලටත් වෙනත් සංවර්ධන ක්ෂේත‍්‍රයන්ටත් ඔවුන් අනුයුක්ත
කිරීමට අදහස් කෙරේ.
ආරම්භක පියවරක් වශයෙන් යාපනය,
මුලතිව්, කිළිනොච්චි, මන්නාරම හා වව්නියා යන දිස්ත‍්‍රික්කවලින්
පුනුරුත්ථාපිත එල්ටීටීඊ සාමාජිකයින් 1,500 ක් බඳවාගෙන ඇති අතර ඔවුන් උතුරු
පළාතේ කෘෂිකාර්මික හා වෙනත් සංවර්ධන කටයුතුවලට යොදා ගනු ඇත.
මුලතිව් හා කිළිනොච්චි
දිස්ත‍්‍රික්කයන් හි අක්කර 3,000ක පමණ ව්‍යාපෘතී දැනටමත් සැලසුම් කොට ඇති
බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අද්මිරාල් ආනන්ද පීරිස්
මහතා පවසයි. ඔවුන්ට වැටුප් වශයෙන් නිල ඇඳුම් සහ සියලු පහසුකම් සහිත ව රු.
18,000කට නොඅඩු වැටුපක් ගෙවනු ලබන අතර එම ව්‍යාපෘතිය ඔවුන්ට ඔවුන්ගේ රැකියා
විරහිතභාවයට විසඳුමක් වනු ඇත.
ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ආරක්ෂක
අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පුනරුත්ථාපිත එල්ටීටීඊ සාමාජිකයින් සංවර්ධන
කටයුතු සඳහා යොදා ගැනෙන අතර තාරුණ්‍යට හෙටක් සභාපති පාර්ලිමෙන්තු මන්ත‍්‍රී
නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් වෘත්තීයමය ව්‍යාපෘති දියත් කෙරේ.
HC/pmu
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
