Flicker Images

බුද්ධ ශාසන නි. ඇමති කපිලවස්තුපුර සර්වඥ ධාතුන් වහන්සේ ව ප‍්‍රසිද්ධියේ ඡන්ද ප්‍රචාරණයට යොදාගෙන..?

Posted on Wednesday, August 29, 2012 and filed under . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site


මේ දිනවල ශ‍්‍රි ලංකාවට වැඩමකොට ඇති කපිලවස්තුපුර ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මහජනතාවගේ වන්දනාමාන පිණිස දිවයිනේ ස්ථාන කිහිපයකට වැඩම කරවීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය කටයුතු කර ඇත.

ඒ අතරතුර මේ දිනවල පැවැත්වෙන නැගෙනහිර පළාත් සභා ඡන්ද කටයුතු වලට ද වැරදි සහගත ලෙස මෙම සර්වඥ ධාතූන් වහන්සේ භාවිතා කිරීමට බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන මහතා විසින් කටයුතු කරගෙන යන බවට සිංහලයා පුවත් ඒජන්සියට වාර්තා වේ.

ඒ මහතාගේ උපදෙස් පරිදි නැගෙනහිර පළාතෙන් මෙවර පළාත් සභාවට ඉදිරිපත් වී සිටින තම පුත‍්‍ර රත්නය වන නලින් ගුණවර්ධනගේ ඡන්ද කටයුතු වලට වාසිදායක වන පරිදි, දින 03 ක කාලයක් ත‍්‍රිකුණාමලයේ අග‍්‍රබෝධි විහාරයේ ධාතූන් වහන්සේ තැන්පත් කොට, එමඟින් සුක්ෂම ව ඡන්ද කටයුතු සිදුකරමින් පවතී.
මේ පිළිබඳව අග‍්‍රබෝධි විහාරයේ නායක හාමුදුරුවන් වහන්සේ අප‍්‍රසාදය පලකළද, ඊයේ දින වනවිටත් ඒ තුළ ඡන්ද ව්‍යාපාර කටයුතු පැහැදිලිවම සිදුකර තිබේ.
ඉතාමත් ගෞරවයෙන් ශ‍්‍රී ලංකාවට වැඩමකොට වන්දනාමාන කරන මෙම අති පූජනීය කපිලවස්තුපුර සර්වඥ ධාතූන් වහන්සේ ඡන්ද කටයුතු වලට භාවිතකිරීම, ආගමික වශයෙන් පමණක් නොව දේශපාලනිකවද පරිහානියට පත් වීමක් බව නොකිවමනා ය.
මෙම කටයුත්ත අනුමත නොකොට, ඉදිරි දින කිහිපයේදී හෝ සර්වඥ ධාතූන් වහන්සේලාට උතුම් ගෞරවය ලබාදෙමින් රජයක් ලෙස ඉදිරි කටයුතු සිදුකරත්වා යි යන්න සැදැහැති සියළු බොදුනුවන්ගේ ම පැතුම ය.



0 Responses for “ බුද්ධ ශාසන නි. ඇමති කපිලවස්තුපුර සර්වඥ ධාතුන් වහන්සේ ව ප‍්‍රසිද්ධියේ ඡන්ද ප්‍රචාරණයට යොදාගෙන..? ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top