Flicker Images

පේදුරුතුඩුව ජැටිය යළි ධීවරයන්ට

Posted on Monday, August 20, 2012 and filed under . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site


jatiya copy

යාපනයේ ධීවර ආර්ථිකයට මහත් පිටුවහලක් වූ පේදුරුතුඩුව ජැටිය වසර ගණනාවකට පසු යුධ හමුදාව විසින් යළි ධීවර ජනතාව වෙත භාරදෙන ලදි.
‍මේ ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරමින් පාරම්පරික කර්මාන්ත හා කුඩා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති ඩග්ලස් දේවානන්දා හා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් මහින්ද හතුරුසිංහ යන මහත්වරුන් විසින් පීත්ත පටිය කපා ඊයේ (19) පෙරවරුවේ එය ධීවර ජනතාව වෙනුවෙන් විවෘත කරනු ලැබීය.

පේදුරුතුඩුව 521 වන බලසේනාව විසින් ප‍්‍රදේශවාසීන්ගේ සහයද ඇතිව චාම් උත්සවයක් මේ සඳහා සංවිධානය කර තිබූ අතර 52 වන සේනාංකයේ සේනාංකාධිපති බි‍්‍රගේඩියර් අනුර සුදසිංහ, 521 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ටිකිරි දිසානායක, පේදුරුතුඩුව ප‍්‍රාදේශීය ලේකම් ජේ. ජයසීලන්, යාපනය ධීවර සමිති සංගම් ප‍්‍රධානි ඉමියානම් පිල්ලේ යන මහත්වරුන් හා ප‍්‍රදේශවාසීන් එයට සහභාගී වූහ.

ලන්දේසි පාලන සමයේ රෙවෝඅඩි නමින් හැදින්වූ මෙම වරාය මගින් මුහුදු ගමනාගමනය වැඩි දියුණු කිරීම පිණිස 1875 වර්ෂයේ බි‍්‍රතාන්‍ය පාලකයින් විසින් මෙම ජැටිය ඉදි කරන ලදී. ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදි ක‍්‍රියා උත්සන්නවීම හේතුවෙන් ආරක්‍ෂක හේතුන් මත 1985 මැයි මාසයේදී මෙම වරායේ මෙහෙයුම් සීමා කෙරුණි. 1990 වසරේ සිට එල්.ටී.ටී.ඊ.ය විසින් මෙය පාලනය කරනු ලැබූ අතර 1996 වසරේ ත‍්‍රස්තවාදීන් ප‍්‍රදේශයෙන් එළවා දමා යුධ හමුදාව එහි පාලනය සියතට ගත්තේය.

jatiya2jatiya3








jatiya3 copyjatiya4








jatiya5









ECB

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

0 Responses for “ පේදුරුතුඩුව ජැටිය යළි ධීවරයන්ට ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top