Flicker Images

යූරියා දැමීමට පෙර මේ ගැනත් සිතන්න...

Posted on Monday, August 20, 2012 and filed under . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site


istockphoto 4654190-growing-plant

පැළෑටියකට අවශ්‍ය පෝෂ්‍ය ද්‍රව්‍ය ලබාදීම සඳහා කාබනික පොහොර මෙන් ම රසායනික පොහොර ද යොදා ගනී. වාණිජ වශයෙන් ‍වගා කටයුතුවල ‍යෙදෙන්නන් බොහෝ විට කාබනික පොහොර වෙනු‍වට යෙදා ගන්නේ රසායනික පොහොරයි. ඉහළ ඵලදාවක් ලබාගැනීමේ අරමුණින් මෙසේ රසායනික පොහොර භාවිතය වර්තමාන සමාජයේ බහුල ව දැකිය හැකි ලක්ෂණයකි.
 
ඉහළ ඵලදාවක් ලබාදෙන බීජ නිෂ්පාදනය කොට ඇත්තේ රසායනික පොහොරවලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවෙන් යුතුවය. ඒ නිසාවෙන් ඉහළ ඵලදාවක් ගැනීමට නම් රසායනික පොහොර භාවිතා කිරීම අවශ්‍යම වනවා. එසේ වුවද රසායනික‍ පොහොරවල අඩංගුවන්නේ පැළෑටියකට අවශ්‍ය කරන ප්‍රධාන මුල ද්‍රව්‍ය 13න් 3ක් පමණයි. අංශුමාත්‍ර මූල ද්‍රව්‍ය රසායනික පොහොරවල අඩංගු වී නැහැ.
 
රසායනික‍ පොහොර භාවිතයේ දී සාමාන්‍යයෙන් රසායනික පොහොරවල තියෙන ජීවාන්තක (නයිට්‍රජන්) කෙටි කාලයක් තුළ දී අවශ්‍ය ප්‍රමාණයට වඩා පැළෑටිය උරාගන්නවා. ඒ නිසා පැළෑටියේ ජලය හා මාංශ ගතිය වැඩිවෙන අතර එය පැළෑටියේ සෞඛ්‍යට අහිතකරය. එය කෘමින්ට හා ලෙඩරෝගවලට අත වනන තත්ත්වයක් වන අතර ම පැළෑටිය පණුවන්ගේ සහ කෘමීන්ගේ ගොදුරක් බවට පත්වීමේ අවදානමද වැඩිය.
එසේ කෘමීන්ගේ, පණුවන්ගේ මෙන් ම විවිධ රෝගවලට ගොදුරුවන පැළෑටි සඳහා කෘමිනාශක භාවිතය අවශ්‍ය ම දෙයක් වන්නේ නිතැතිනි. එක් කෘමි වර්ගයක් හෝ පණු විශේෂයක් විනාශ කිරීම වෙනුවෙන් කෘමි නාශක යෙදු විට පරිස‍රයේ සිටින කෝටි සංඛ්‍යාත ජීවිත සංඛ්‍යාවක් විනාශ වෙනවා. ඒ අතර ගොවියාට විශාල සේවයක් කරන කුඩා සතුනුත් විනාශයට පත්වනවා. fertilizer-pic
 
පසට නයිට්‍රජන් එකතුකිරීමෙන් පටන්ගත් මෙම ක්‍රියාවලිය බොහොම දිගු කාලයක් පුරා දිව යන්නක්. කෘමි නාශක භාවිතා කරන ගොවියා ද බෙල හීන තත්ත්වයට පත්වනවා. කෘමි නාශක හේතුවෙන් නොයෙක් ආකාරයේ ‍රෝග, ස්නායු ආබාධ, පිළිකා, ඇස් පෙනීමේ දුර්වලතා ඇතිවීමේ අවස්ථා ද ඇති වන බව හෙළි වී තිබේ.
 
ඉතින් යුරියා දැමීමට පෙර මේ ගැනත් සිතන්න...
 
- දිල්හාරි බණ්ඩාර - 


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

0 Responses for “ යූරියා දැමීමට පෙර මේ ගැනත් සිතන්න... ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top