Flicker Images

වසර ගණනාවක් නොදුන් විභාග ප්‍රතිඵල මාස තුනෙන් දෙන බව විභාග කොමසාරිස් කියයි

Posted on Wednesday, October 24, 2012 and filed under . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site


සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා පෙනී සිටි සිසු දරුදැරියන්ට වසර ගණනාවක් තිසේසේ විභාග ප්‍රතිඵල ලබා දී නොමැති අතර එසේ මෙතෙක් ලබානොදුන් විභාගවල ප්‍රතිඵල මාස තුනක් ඇතුළත ලබාදෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා අද (ඔක්තෝබර් 22) පවසා ඇත.
අපොස උසස් පෙළ විභාගයට පෙර 12 වැනි ශ්‍රේණිවල සිසුන් සඳහා වන 2012 වසරේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ඊයේ පැවැත්විණි.
මේ විභාගය 2005 දී අපොස උසස්පෙළ සඳහා හඳුන්වාදෙන ලද අතර එය 2009 සිට අනිවාර්යය විෂයයක් බවට පත් කර තිබේ.
හිටපු විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතාගේ සේවා කලයේ දී සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාග හයක් වසර හයක දී පවත්වා තිබේ. එම වසර හයේදීම මේ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර නැත.
කෙසේ වෙතත් විභාග කොමසාරිස් ජනරාල් පුෂ්පකුමාර මහතා අද පවසා ඇත්තේ 2010 දී සහ 2011 දී පවත්වනු ලැබූ   සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගවල ප්‍රතිඵල සහ මෙම ව‍සරේ විභාග ප්‍රතිඵල මාස තුනක් ඇතුළත ලබාදෙන බවයි. ඊයේ පැවැති 2012 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට අයදුම්කරුවන් 148,376ක් පෙනී සිටි බව ද වාර්තා ‍වේ.


0 Responses for “ වසර ගණනාවක් නොදුන් විභාග ප්‍රතිඵල මාස තුනෙන් දෙන බව විභාග කොමසාරිස් කියයි ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top