Flicker Images
කේ.පී. රජයේ සාක්කිකාරයෙක් කර රජයට සහය ගන්නවා – ඇමති කෙහෙලිය
Posted on Friday, October 19, 2012 and filed under politics . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
කේ.පී. නොහොත් කුමරන් පද්මනාදන් වැනි පුද්ගලයින්ගේ සහය ලබාගැනීමට රජය කටයුතු කරන්නේ යැයි අද (ඔක්තෝබර් 19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයා පැවසීය.
රටේ අනාගත යහපත වෙනුවෙන් කේපී වැනි පුද්ගලයින්ගේ වුවද සහය රජයට ලබාගැනීමට ක්‍රියාකරන අතර කේපී රජයේ සාක්ෂිකාරයෙකු ලෙස දැන් කටයුතු කරන බව ද ඔහු අනාවරණය කළේය.
රජය හා දමිළ ඩයස්පෝරාව අතර සාකච්ඡා සිදුවන බවත් ඒවායේ යම් සාර්ථකත්වයක් දැකගත හැකි බවත් පැවසූ අමාත්‍ය රඹුක්වැල්ල ත්‍රස්තවාදය නිමා වී ඇතත් තිබෙන ගැටලු මානුෂිකව විසඳාගත යුතු ව ඇතැයි ප්‍රකාශ කළේ ය.
කුමන වැරදිකරුවෙකු සම්බන්ධයෙන් වුවත් මානව දයාවෙන් කටයුතු කිරීමෙන් ඒ පුද්ගලයා සමාජයේ යහපත් පුද්ගලයෙකු බවට පත් කිරීමට උත්සාහ ගත යුතු ව ඇතැයි ඇමතිවරයා එහිදී පැවසීය.
එල්ටීටීඊයේ අන්තර්ජාතික ජාලයේ මහමොළකරුවෙකු ලෙස කටයුතු කළ කුමරන් පද්මනාදන් ත්‍රස්තවාදය නිමාකළ අවසන් මෙහෙයුමත් සමඟ ම රජයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ මැලේසියාවේ දී ය.
Source:- http://sinhalaya.com
