
1) ජල චක්‍රය.
2) ජිවන චක්‍ර (සමනළයන්, මදුරුවන්ගේ වැනි)
3) ආහාර ජාල සහ චක්‍ර.
මේ කීපයකි. නමුත් මේ සියල්ලම විද්‍යාවෙන් කීවද අවබෝධ වී ඇත්තේ කාටද? අප එසේ කියන්නේ මේ චක්‍ර වලට පටහැණි විවිධ දේ විද්‍යාව සිදුකරන නිසාය. අප අද වනවිට ශක්තිය ලබාගන්නා ප්‍රධානම ප්‍රභවය පොසිල ඉන්ධනය. මෙය කිසිදාක ප්‍රතිචක්‍රික නොවේ. තවද න්‍යෂ්ඨික ඉන්ධනද එසේය.
ප්ලාස්ටික් වැනි දේවල්ද එසේය. සමහරු මේවා ප්‍රතිචක්‍රිය කරනවා යනුවෙන් අපට බේගල් දෙසමින් කුණුගොඩවල් එකතුකරන අතර… මේවා නැවත චක්‍රිකරනයට යන ඉන්ධන සහ යාන්ත්‍රික කොටස් (මිශ්‍ර ලෝහ සහ වෙනත් නොදිරන ද්‍රව්‍ය) පරිසරයට නැවතත් හානි කරනු ඇත. තවද අද ගොඩනගන ගොඩනැගිලි, යන්ත්‍ර ආදියේද විශාල ලෙස ප්‍රතිචක්‍රිය නොවන ද්‍රව්‍ය තිබේ. මේ අප දැක්වුයේ සුළු උදාහරණ කීපයකි. මේ අනුව විද්‍යාවේ ප්‍රතිචක්‍රීකරණය විශාල බොරුවකි.
නමුත් අපගේ දැනුමේ පුරාණ ආකාරය මීට හාත්පසින්ම වෙනස්ය. අපගේ වැව මීට උදාහරණයකි. කිසින්ම අයුරකින් පරිසර අහිතකර ලෙස විද්‍යාව (බටහිර නොවෙ) යොදා ගෙන නැත. ඔබට අවශ්‍යනම් වැව පිළිබදව ලිපි බලා නිගමනය කල හැක. මේ සිදුවන අවබෝධයෙන් තොර දියුණුව “ලෝකයේ” හානියට මිස පැවැත්මට නම් කවදාවත් උපකාරී නොවේ.

මේ අප විග්‍රහ කළේ ලෝකයේ ඇති ලෝකික චක්‍රයන්ය.
දැන් අප සබැ චක්‍රයන් බලමු. අප සංසාරයේ යන “භව චක්‍රය” එවැන්නකි. මේ පිළිබඳව නියමාකාරයෙන් හඳුනාගත් බුදුන්වහන්සේ මේ චක්‍රයෙන් එගොඩ වීමට එය අවබෝධකරන ආකාරය දේශනාකර තිබේ.
… හේතු – ඵල ධර්මය … නම් වූ ධර්මතාව අප අවබෝධ කළේ නම් “ඒ චක්‍රයෙන්” අප එගොඩ වේ.
මෙහි ඇති විශේෂත්වය නම් පරිසරයට හෝ සත්වයාට හානියකින් තොරව චක්‍රයෙන් මිදීමය. සත්වයා බැද ඇති කෙලෙස් (craving… etc) නම්වූ බැමි කඩා දැමීමට මේ නිර්මල අවබෝධය කරා අප යා යුතු බව උන්වහන්සේ දේශනා කළේ “ඒ මිදීම තමා ද” ලබාගත් පසුවය.
අවසාන වශයෙන් කිව හැක්කේ මේ විද්‍යාවට කිසිදාක චක්‍රීය ලෝකය අවබෝධ නොවේ. ඔවුන් සිතන්නේම රේඛිය ලෙසය. එබැවින් මේ විනාශය සිදුවීම අනිවාර්ය වේ. මේ පිළිබඳව විශ්වවේදයේ ඇති න්‍යාය වලින්ද පැහැදිලි වේ.

නමුත් අද පරිසරයට හානිකරමින් කෙලෙස් වපුරන විද්‍යාව නම් වූ “මිත්‍යාව” නිසා ලෝකය මිනිසාට පමණක් නොව, “මේ පාපයට” අනිකුත් සත්වයන්ටද ගෙවීමට සිදුවී තිබේ.
- චාමික කරුණාරත්න -