Flicker Images
Blogumulus by Roy Tanck and Amanda Fazani
පොලොන්නරුවට වෙද මැඳුරක්
Posted on Tuesday, June 26, 2012 and filed under breakingnews , news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
පොලොන්නරුව, බැඳිවැව 'පුලතිසි වෙද මැඳුර' පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.
මේ සඳහා උතුරුමැද පළාත් සභා අය වැයෙන් රුපියල් මිලියන 10කට ආසන්න මුදලක් වැය කර ඇත. මෙම වෙද මැඳුර දේශීය වෛද්‍ය ක්‍රමය වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව මත පාරම්පරික වෛද්‍යවරුන් සඳහා ඉදිකරන ලදී.
මෙම වෙද මැඳුර ඉදිකිරීම උතුරු මැද පළාත් සභා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පේෂල ජයරත්න මහතාගේ සංකල්පයකි. ජනතාවට අවශ්‍ය පාරම්පරික වෛද්‍ය ක්‍රම මගින් ප්‍රතිකාර ලබා ගැනීමේ මධ්‍යස්ථාන පහසුකම්, රැස්වීම් ශාලා හා පුහුණු වැඩසටහන් පැවැත්වීමේ ශ්‍රවණාගාර හා ආයුර්වේද පොත්පත් සහිත පුස්තකාලයක් මෙහි ස්ථාපිත කර ඇත.
මේ මගින් පවුල් 10,000කට ආසන්න සංඛ්‍යාවකට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව උදා වේ.
NDH/ BG- DMU Polonnaruwa
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
0 Responses for “ පොලොන්නරුවට වෙද මැඳුරක් ”
Leave a Reply

Recently Commented
Recent Entries
Marketplace
