Flicker Images

ආනමඩුවේ ඉදිකෙරෙන ලංකා බැංකුවෙන් නවීන තාක්ෂණයෙන් මූල්‍ය ගනුදෙනු

Posted on Saturday, July 7, 2012 and filed under , . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site


Priyanakaraa1

ආනමඩුව මැතිවරණ කොට්ඨාසයේ සංවර්ධන ව්‍යාපෘතියක් ලෙසින් ආරම්භ කරන ලද ලංකා බැංකු නව කාර්යාලය මඟින් ඉදිරියේදී නවීන තාක්ෂණය සමඟ මුසු වූ මූල්‍ය කටයුතු සඳහා ජනතාවට සම්බන්ධවීමට අවස්ථාව උදාවන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (5) ආනමඩුව ලංකා බැංකු නව කාර්යාලයට මුල් ගල තැබීමේ උත්සවයට එක් වෙමිනි.

රුපියල් ලක්ෂ 400ක වියදමින් මෙම  නව දෙමහල් නව ලංකා බැංකු ගොඩනැගිල්ල ඉදිකිරීමට නියමිත වේ.

මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ නගරයේ පවතින පහසුකම් ගමටත් ලබාදීමට රජය මඟින් කටයුතු කරන බවත්, මේ වන විට නගරයේ මිනිසුන්ට පමණක් සීමා වී පැවති නව මාර්ග, විදුලිය, මෙන්ම බැංකු පහසුකම් ද ගමට ගෙන ඒමට පියවර රැසක් ගෙන ඇති බවත්ය. මෙහි දී අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නේ  මෙම අලුතින් ඉදිකිරීමට සැලසුම් කර ඇති ලංකා බැංකු ගොඩනැගිල්ල මඟින් ආනමඩුව ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන් ම මෙම ප්‍රදේශයේ ජනතාව කෙරෙහි නව ආකල්ප ගොඩනැගීමට ද අවස්ථාව උදාවන බවයි.

එමෙන්ම කරුවලගස් වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පානීය ජල අර්බුදයට විසඳුම් ලබාදීම සඳහා දැනට ප්‍රජා ජල යෝජනා ක්‍රම 12ක් ආරම්භ කර ඇති බවත්, මීට සමගාමී ව ආසියානු සංවර්ධන බැංකුව මඟින් ක්‍රියාත්මක කෙරෙන පස්වන යෝජනා ක්‍රමය මඟින් ස්ථීර ව ජලය සපයන ක්‍රියාවලියක් මෙම ප්‍රදේශයට යෝජනා කර ඇති  බවත් සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

priyankara2 copy
priyankara4












ECB

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

0 Responses for “ ආනමඩුවේ ඉදිකෙරෙන ලංකා බැංකුවෙන් නවීන තාක්ෂණයෙන් මූල්‍ය ගනුදෙනු ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top