Flicker Images
Blogumulus by Roy Tanck and Amanda Fazani
පරිසර හිතකාමී බදුන් වගාවක් උදෙසා
Posted on Monday, August 20, 2012 and filed under Plus . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
ඉඩ අඩු ගෙවත්තකට හිමිකම් කියන්නන්ගේ හීනයක් බවට පත් ව ඇත්තේ පලතුරු ගහක් වවාගන්නේ කොහොමද කියන එක.ඒකට හේතුව වෙලා තියෙන්නේ ගෙවත්තේ තියන නිසරු පස නාගරික නිවසක නම් තරමක් ලොකු ගෙවත්තක්. එහෙම පසුතැවෙන්නන්ට කෘෂිරසායනකවලින් තොර පලතුරක රස හැමදාමත් හීනයක්.
ඒත් මේ කියන්න යන කතාවනම් එයාලට බොහොම වැදගත්. එයාලට විතරක් නෙවෙයි හැමෝටම. මේ ක්‍රමය මගින් පලතුරු පමණක් ම නෙවෙයි කරපිංච පැලයක්, කතුරුමුරුංග පැලයක් වගේ ම රම්පේ පඳුරක් උනත් වවාගන්න පුළුවන්.
කුස්සියේ ඉවුම් පිහුම් සඳහා නිතර දෙවෙලේ අවශ්‍ය වෙන ශාකයන් අත ලඟ වගේ තියනවනම් තවත් පහසුවක්. ඒ නිසා එහෙම ගහක් කොළක් වවාගන්න කැමැත්තෙන් ඉන්න අයට මේ කියන්න යන බොහොම අපුරුයි.
මේ කියන්න යන්නේ පරිසර හිතකාමී විදිහට බදුනක් තුළ කොහොමද ශාඛයක් වවාගන්නේ කියන එක.මේ ක්‍රමය උපයෝගිකරගෙන නිසරු පසක වගේ ම පොඩි ඉඩක් තියන ගෙවත්තකත් පුංචි ඉඩක් වෙන්කරගෙන හැමදාටම තියාගන්න පුළුවන් පලතුරු ගහක් වවාගන්න කාටත් පුළුවන්.
මේ ක්‍රමය හරියට පෝච්චියක පැළයක් වවනවා වගේ ක්‍රමයක් උනත් මේ පරිසර හිතකාමී බදුන හදාගන්න අවශ්‍ය වෙන්නේ පාවිච්චි කරල ඉවත දමන දේවල්මයි. ලී පතුරු එහෙමත් නැත්නම් උණ පතුරු කිහිපයකුත් පත්තර පිටු කිහිපයක් විතරයි.
උණ පතුරු හරි ලී පතු හොයාගන්න අපහසුනම් පාවිච්චි කරල ඉවත් කරපු උළු කැට උනත් මේ සඳහා යොදාගන්න පුළුවන්. වඩා හොද දෙය තමයි ලී හෝ උණ පතුරු.
මුලින් ම පෝච්චිය සෑදිය යුතු තැන තරමක ලොකු ප්‍රමාණයේ බාල්දියක් හෝ පෝච්චියක් තබා පෝච්චියේ සිට අඟල් දෙකක් පමණ පිටතින් එහි පිටත සලකුණු කරගන්න ඕන. ඊට පස්සේ පෝච්චිය සෑමට යොදාගන්න උණ හෝ ලී පතුරු වටේට සිටවගන්න ඕන පුංචි ඉඩක් තියන විදිහට. ඊට පස්සේ පත්තර පිටු දෙකක බැගින් ගෙන අඟල් හතරක පමණ පටි ආකාරයෙන් සකස් කොටගෙන උණ පතුරු අතරින් මාරුවෙන් මාරුවට වියාගන්න ඕන බාස්කට් එකක් ආකාරයට.පත්තර පටිය අවසන් වන තැන ගෝනි නූල් ආධාරයෙන් සම්බන්ධ කරගන්න පුළුවන්.
මේ පෝච්චියේ හොදින් ජල බැස්ම පවත්වාගන්න අවශ්‍ය නිසා පෝච්චියේ අඩියට පරණ ප්ලාස්ටික් බෝතල් කැබලි දාලා පොළව හා පෝච්චියට යොදන පස් මිශ්‍රණය අතර ඉඩක් සාදා ගැනීම අවශ්‍ය වනවා. ඊට පස්සේ පැළය සිටුවාගන්න අවශ්‍ය පස් මිශ්‍රණය පෝච්චියට යොදලා අවශ්‍ය පැළය සිටුවාගන්න පුළුවන්.
පැළය ටිකෙන් ටික ලොකු වෙද්දි වසර පමණ ගියාට පසු පෝච්චියේ ඉදලා අඟල් කිහිපයක් ඈතින් තවත් රවුමක් සලකුණු කරගෙන නැවත උණ පතුරු සිටුවා පෙර වගේ ම කඩදාසි තීරුවලින් ආවරණය කරල හිස් ඉඩට පස් මිශ්‍රණය පුරවා ගන්න පුළුවන්. පැලට ටිකෙන් ටික ලොකු වෙද්දි පෝච්චියත් ටික ටික ලොකු කරගන්න අවශ්‍ය වෙනවා.
- දිල්හාර බණ්ඩාර -
ප්‍රවීන කෘෂි උපදේශක උදය ද සිල්වා මහතාගේ සටහනක් ඇසුරින්
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
0 Responses for “ පරිසර හිතකාමී බදුන් වගාවක් උදෙසා ”
Leave a Reply

Recently Commented
Recent Entries
Marketplace
