Flicker Images

මැතිවරණවල මනාප ක්‍රමය ඉවත්කිරීමේ යෝජනාව ඔක්තෝබර් 10 පාර්ලිමේන්තුවට

Posted on Saturday, September 29, 2012 and filed under . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site


මෙරට මැතිවරණ ක්‍රමයේ මනාප ඡන්ද ක්‍රමය නිසා ගැටලු රැසක් මතු වී ඇති බැවින් මනාප ක්‍රමය ඉවත්කිරීම සඳහා පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ඔක්තෝබර් 10 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අද (සැප්තැම්බර් 27) විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කතුවරුන් සමඟ පැවති හමුවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.
අද අරලියගහ මන්දි‍රයේදී පැවැත්වුණු එම හමුවේ දී පළමු‍වෙන් මනාප ක්‍රමය ඉවත් කිරීමට අපේක්ෂා කරන්නේ පළාත් පාලන මැතිවරණවල දී වන අතර දෙවනුව පළාත් සභා සඳහා ද එය ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රකාශ වී ඇත. පාර්ලිමේන්තු මැතිවරණ සඳහා ද මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ දී මනාප ක්‍රමය ඉවත් කිරීමට අනතුරුව පියවර ගැනේ.
මෙම අවස්ථාවට ජන මාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහත්වරුන් ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කතුවරුන් රැසක් ද එක් ව සිටියහ.



0 Responses for “ මැතිවරණවල මනාප ක්‍රමය ඉවත්කිරීමේ යෝජනාව ඔක්තෝබර් 10 පාර්ලිමේන්තුවට ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top