Flicker Images

සර්වාගමික නායකයින් බංග්ලාදේශ් මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක් බාර දෙයි

Posted on Friday, October 5, 2012 and filed under . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site


ෆේස් බුක් වෙබ් අඩවියේ පළ කර ඇති ඡායාරූපයකින් ඉස්ලාම් ආගමට අපහාසයක් සිදුවී ඇතැයි කුපිත වූ අන්තවාදී ඉස්ලාම් භක්තිකයින් පිරිසක් බංග්ලාදේශ්හි කොක්ස් බසාර් දිස්ති‍්‍රක්කයේ බොදු විහාරස්ථානවලට හා බොදු බැතිමතුන්ගේ නිවාසවලට සිදුකර ඇති පහරදීම්වලට එරෙහි ව මහාසංඝරත්නය හා අනෙකුත් ආගමික නායකයින් ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ් මහ කොමසාරිස්  කාර්යාලයට අද (ඔක්තෝබර් 04) පෙරවරුවේ සංදේශයක් බාර දෙනු ලැබූහ.
මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා සමඟ ජාතික සමඟිය සඳහා වූ සර්වාගමික සංවිධානයේ සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි, සෙයිසද්දි හසන් මවුලානා මවුලවිතුමා සහ බ්‍රහ්ම ශ්‍රී රාමචන්ද්‍ර කුරුක්කල් බාබු ෂර්මාතුමා ඇතුළු ස්වාමීන් වහන්සේලා 148 නමක් සමඟ හින්දු හා ඉස්ලාම් ආගමික පූජකවරු රැසක් සාමකාමී ව මහකොමසාරිස් කාර්යාලය වෙත පැමිණ මේ සංදේශය භාර දී තිබේ.
ඉන්පසු ව පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා පවසා ඇත්තේ බංගලිදේශය අප රට සමඟ ඉතා ම හිතවත් රටක් වන බවත් මෙවැනි විනාශකාරී සිදුවීම්වලට එරෙහිව වරදකරුවන්ට නීතිමය වශයෙන් කටයුතු කළ යුතු බවයි.
















මේ අතර අද බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රමූඛ මහා සංඝරත්නය ඇතුළු පිරිසක් මේ කාරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් බංග්ලාදේශ් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට පාගමනින් පැමිණ උද්ඝෝෂණයක් පවත්වද්දී එම පිරිස අතරින් සිදුකළ ගල් ප්‍රහාරයක් නිසා මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන මහලේ වීදුරු බිඳීගොස් තිබේ.
කිසියම් පුද්ගලයෙකු හෙල්මටයක් තුළ ගඩොල් බාගයක් දමා ගෙන පැමිණ ‍මේ ප්‍රහාරය කළ බවට දැනගන්නට ලැබී ඇතැයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසූ අතර පොලිසිය මේ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

0 Responses for “ සර්වාගමික නායකයින් බංග්ලාදේශ් මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක් බාර දෙයි ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top