Flicker Images
Blogumulus by Roy Tanck and Amanda Fazani
බංග්ලාදේශ බෞද්ධයින්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට නොපමාව පියවර ගන්න – හෙළ උරුමය රජයෙන් ඉල්ලයි
Posted on Friday, October 5, 2012 and filed under news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
ශ‍්‍රී ලංකා රජය බංග්ලාදේශ බෞද්ධයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත‍්‍රික පියවරයන් නොපමාව ගත යුතු යැයි බංග්ලාදේශයේ බෞද්ධ සිද්ධස්ථානවලට සිදුකර ඇති පහර දීම්වලට විරෝධය පළකරමින් ජාතික හෙළ උරුමය පක්ෂ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනය මෙසේය.ශ‍්‍රී ලංකා රජය බංග්ලාදේශ බෞද්ධයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත‍්‍රික පියවරයන් නොපමාව ගත යුතු යැයි බංග්ලාදේශයේ බෞද්ධ සිද්ධස්ථානවලට සිදුකර ඇති පහර දීම්වලට විරෝධය පළකරමින් ජාතික හෙළ උරුමය පක්ෂ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
බංග්ලාදේශ බෞද්ධයින්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට නොපමාව පියවර ගන්න
ඉස්ලාම් දහමට නිගරු කරමින් කුරානයට අපහාස කරන අන්දමින් ෆේස් බුක් වෙබ් අඩවියක පළ වූ ඡායාරූපයක් හේතුකොට ගෙන බංග්ලාදේශයේ බෞද්ධ විහාරස්ථාන, ඉපැරණි බුදුපිළිම හා බෞද්ධයින්ගේ නිවාස සිය ගණනක් ගිනිබත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.
ෆේස් බුක් වෙබ් අඩවියට මුදා හැර තිබු ඡායාරූපයකින් ඉස්ලාම් ආගමට අපහාසයක් සිදුවී ඇතැයි ද එම ඡායාරූපය අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ බෞද්ධයෙකු යැයිද සඳහන් කරමින් කිසිදු පදනමක් හෝ සාක්‍ෂියක් නොමැතිව බංග්ලාදේශයේ කොක්ස් බසාර් දිස්ති‍්‍රක්කයේ බෞද්ධයන්ට එරෙහිව මුදාහැර ඇති ප‍්‍රචණ්ඩත්වය අප පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර මෙම බෞද්ධ විරෝධී ප‍්‍රහාරයට ශී‍්‍ර ලංකාවාසී බෞද්ධයින්ගේ දැඩි විරෝධය පළකර සිටින්නෙමු.
ගිනිතබා විනාශ කර ඇති විහාරස්ථාන අතර වසර 300කට වඩා ඉපැරණි බෞද්ධ විහාරස්ථාන හා බුදු පිළිමද ඇති බව බංග්ලාදේශයේ ඩකා හා චිතගොංහි භික්‍ෂූන්වහන්සේලා අප වෙත දැනුම් දී ඇති අතර මේ පිළිබඳව ශී‍්‍ර ලංකා රජය බංග්ලාදේශ බෞද්ධයින්ගේ ආරක්‍ෂාව තහවුරු කරලීම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත‍්‍රි‍්‍රක පියවර නොපමාව ගත යුතුව ඇතිවා පමණක් නොව මේ සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යංශයේ අවධානය ද වහාම යොමු කළ යුතුව ඇත.
බෞද්ධයන් ලෙස අප කිසිදු ආගමකට හෝ එහි ශාස්තෘවරයන්ට නින්දා අපහාස කිරීම උසුළු විසුළුවලට ලක් කිරීම, නිග‍්‍රයන්ට ලක් කිරීම අනුමත කරන්නේ නැත. එමෙන් ම එවැනි සිදුවීම් මුල්කර ගනිමින් එම ආගමේ නාමයෙන් මුදා හරින ප‍්‍රචණ්ඩත්වය හා වෛරය ද අනුමත කරන්නේ නැත. එවැනි වරදක් යම් පුද්ගලයෙක් කර ඇත්නම් ඔහුට විරුද්ධව නීතිය කි‍්‍රයාත්මක කර දඬුවම් කරනවා මිස එම වරද කළ පුද්ගලයාගේ ආගම අදහන ජනතාවට හා දේපළවලට පහර දීම තම ආගමට කළ නිගරුවටත් වඩා තිරස්චීන නිහීන කි‍්‍රයාවකි.
යම් ආගමකට අපහාස කිරීම පිළිකුලෙන් හෙළා දකිනවා සේ ම ඊටත් වඩා දස ගුණයකින් ඒවාට ප‍්‍රතිචාර දැක්වීමේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හෙළා දකින්නෙමු.
එබැවින් ඉතා ම සුළුතරයක් වන බංග්ලාදේශ බෞද්ධයින්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමටත් ආගමික නිදහස ආරක්‍ෂා කිරීමටත් පියවර ගන්නා මෙන් බංග්ලාදේශ රජයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
Source:- http://sinhalaya.com
0 Responses for “ බංග්ලාදේශ බෞද්ධයින්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට නොපමාව පියවර ගන්න – හෙළ උරුමය රජයෙන් ඉල්ලයි ”
Leave a Reply

Recently Commented
Recent Entries
Marketplace
