Flicker Images

මහනුවර කඩවත්සතර සහ ගගවට කෝරලේ සාහිත්‍ය උළෙලක්

Posted on Monday, October 1, 2012 and filed under . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site


mahanuwara

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි  කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයන්, මහනුවර කඩවත්සතර සහ ගගවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කළ ප්‍රාදේශීය කලා මහෝත්සවය පසුගියදා (27) මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේදී පැවැත්විණ.
   

මෙහි ආරාධිත දේශනය කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සද්ධා උත්පල කන්දගේ මහතා විසින් පවත්වන ලද අතර උත්සවය අවසානයේදී ප්‍රාදේශීය සාහිත්‍ය තරගවලින් ජයග්‍රහණය කරන ලද ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කෙරිණ.

    මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුළු මහජන නියෝජිතයන් රැසක් ද මහනුවර දිසාපති එචි.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා ඇතුළු රජයේ නිලධාරීන් රැසක්ද සහභාගී වූහ.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

0 Responses for “ මහනුවර කඩවත්සතර සහ ගගවට කෝරලේ සාහිත්‍ය උළෙලක් ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top