Flicker Images
Blogumulus by Roy Tanck and Amanda Fazani
විමධ්‍යගත අරමුදල් වෙන්කළත් පාරවල් හැදෙන්නේ නැහැ
Posted on Friday, October 19, 2012 and filed under news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site

පසුගිය ජූනි 16 දින බොරලැස්ගමුව නගර සභාවේ සභාපතිවරයාට කැස්බෑව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරයා (සැලසුම්) ලිපියක් යොමු කරමින් මාර්ග 5ක් සංවර්ධනය කිරීම සඳහා ඇස්තමේන්තු කැඳවා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත.
එසේ යොමුකර ඇති ලිපියට අනුව එගොඩවත්ත පාර 2 පටුමඟ ගල් අතුරා තාර දැමීම සඳහා බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ විමධ්‍යගත අරමුදලින් රු. 150,000ක් ද පිළියන්දල කොළඹ පාරේ 10 කණුව පසුකර දෙවන පාර කෙළවර 48ඊ නිවස අසල සිට ප්‍රධාන මාර්ගය දක්වා සංවර්ධනය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ විපක්ෂනායකවරයාගේ විමධ්‍යගත අරමුදලින් රු. 100,000ක් ද බොරලැස්ගමුව ඇඹිල්ලවත්ත පාර 6/බී පටුමඟ ප්‍රතිසංස්කරණය කොට කොන්ක්‍රීට් කිරීම සඳහා රෝසි සේනානායක මන්ත්‍රීවරියගේ විමධ්‍යගත අරමුදලින් රු. 180,000ක් ද කටුවාවල දෙනියවත්ත පාරේ දැනට වැඩ අවසන් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට හා හරස් පාර කොන්ක්‍රීට් කිරීම සඳහා ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාගේ විමධ්‍යගත අරමුදලින් රු. 400,000ක් ද රත්නපිටිය පන්සල අසල අන්දිරිස් මාවත කොන්ක්‍රීට් කිරීම සඳහා ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාගේ විමධ්‍යගත අරමුදලින් රු. ලක්ෂ 400,000ක් ද වෙන්කර ඇති අතර ඒ සඳහා ඇස්තමේන්තු කැඳවා නොපමාව එවන ලෙස දැනුම් දී තිබේ.
ඒ අනුව ඉදිරිපත් කරන ලද ඇස්තමේන්තු අනුව එගොඩවත්ත පාර 2 පටුමඟ ගල් අතුරා තාර දැමීමටත් පිළියන්දල කොළඹ පාරේ 10 කණුව පසුකර දෙවන පාර කෙළවර 48ඊ නිවස අසල සිට ප්‍රධාන මාර්ගය දක්වා සංවර්ධනය කිරීමටත් බොරලැස්ගමුව ඇඹිල්ලවත්ත පාර 6/බී පටුමඟ ප්‍රතිසංස්කරණය කොට කොන්ක්‍රීට් කිරීමටත් අනුමැතිය ලබා දී ඇත්තේ පසුගිය අගෝස්තු 25 වැනි දාය. කටුවාවල දෙනියවත්ත පාරේ දැනට වැඩ අවසන් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට හා හරස් පාර කොන්ක්‍රීට් කිරීම සඳහා අනුමැතිය දී ඇත්තේ සැප්තැම්බර් මස 11 වැනි දා ය.
එසේ අනුමැතිය ලබා දී ඇතත් මේ වන තෙක් එම මාර්ග සංවර්ධනය කිරීමට නගර සභාව අසමත් වී තිබේ. මහජනතාවගේ ගමනාගමනය වෙනුවෙන් මාර්ග සංවර්ධනය කිරීම ප්‍රධාන කාර්යයක් සේ සලකන රජයක පළාත් පාලන නියෝජිතයින් මුදල් ලැබුණත් එම පාරවල් සංවර්ධනය කිරීම අතපසු කිරීම නිසා පොදු ජනතාවගේ අප්‍රසාදය දිනෙන් දින ඉහළ යමින් තිබේ.
එසේ ම අතිවිශාල මුදලක් වියදම් කොට කොන්ක්‍රීට් කර ඇති බොරලැස්ගමුව ඇඹිල්ලවත්ත පාර ඉතා කෙටි කලක දී කොන්ක්‍රීට් ගැළ වී අබලන් තත්ත්වයට පත් ව පයින්වත් යා නොහැකි තත්ත්වයකට පත් ව තිබෙන අතර ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට බලධාරීන් කිසිදු පියවරක් නොගැනීම ප්‍රදේශවාසීන්ගේ විරෝධයට හේතු වී ඇත. කොන්ත්‍රාත්කරුවන් සමඟ එක් ව මුදල් ගසා කෑම නිසා අඩු ප්‍රමිතියකින් එම පාර ඉදිකර ඇති නිසා පාර කෙටිකලකින් අබලන් වී තිබෙන බව මගී ජනතාව පවසති.
පසුසටහන:
මේ අපට වාර්තා වූ එක් සිද්ධියක් පමණි. නිලධාරීන්ගේ හා පළාත් පාලන ආයතනවල දේශපාලයින්ගේ නොසැලකිලිමත්කම නිසා මෙවැනි අතපසුවීම් ලංකාව පුරා කොපමණ තිබෙනවා ඇද්ද ? එය විමසීම පාඨක ඔබට බාරයි.
මේ අපට වාර්තා වූ එක් සිද්ධියක් පමණි. නිලධාරීන්ගේ හා පළාත් පාලන ආයතනවල දේශපාලයින්ගේ නොසැලකිලිමත්කම නිසා මෙවැනි අතපසුවීම් ලංකාව පුරා කොපමණ තිබෙනවා ඇද්ද ? එය විමසීම පාඨක ඔබට බාරයි.
Source:- http://sinhalaya.com
0 Responses for “ විමධ්‍යගත අරමුදල් වෙන්කළත් පාරවල් හැදෙන්නේ නැහැ ”
Leave a Reply

Recently Commented
Recent Entries
Marketplace
