Flicker Images
උතුරු පළාත් සභාවේ ඡන්දය හැකි ඉක්මනින් පවත්වනවා
Posted on Thursday, June 28, 2012 and filed under news , politics . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
තවමත් අවසන් කිරීමට නොහැකි වූ බිම් බෝම්බ ඉවත් කිරීම් ආදී කටයුතු සිදුකළ වහා ම උතුරු පළාත් සභාවේ ඡන්දය හැකි ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (28) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ඉවත් නොකළ ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීම, ඡන්ද නාම ලේඛන සැකසීම, නැවත පදිංචි කිරීම් නිම කිරීම ආදි කටයුතු මේවන විට 90%ක් පමණ නිම කර ඇති අතර ඉතුරු කටයුතු ද මේ වන විට සාර්ථක ව සිදුකරමින් පවතී.
වසර 30ක් ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර ව පැවති එම ප්‍රදේශවල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බව ද අමාත්‍යවරයා මෙහිදි පැවසීය.
saku
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
