Flicker Images
අද අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක්
Posted on Tuesday, June 26, 2012 and filed under breakingnews , weather . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල අද (26) ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල හා ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි ඇති වේ. වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල දී සුළං වේගය තාවකාලික ව වැඩි විය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති වේ.
සුළං නිරිත දෙසින් හමන අතර වේගය පැයට කිලෝ මීටර්. 20-30ක් පමණ වේ. දිවයිනට ගිනිකොනදිග සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශ සහ මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශවල දී මෙම සුළං වේගය විටෙක පැයට කිලෝ මීටර් 40- 50 පමණ දක්වා ඉහළ යා හැක.
දිවයිනට ගිනිකොනදිග සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශ සහ මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශය විටෙක රළු විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

