Flicker Images
ලංවිම සේවකයන්ට 25%ක වැටුප් වැඩිවීමක් දී තිබෙනවා
Posted on Saturday, July 7, 2012 and filed under breakingnews , news , politics . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
ලංකා විදුලි බල මණ්ඩලයේ සෑම සේවකයකුට ම සියයට 25ක වැටුප් වැඩි වීමක් ලබා දී ඇති බැවින් යළි වැටුප් වැඩිවීමක් ලබා දිය යුතු නැති බව විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවී කරුණානායක මහතා (එ.ජා.ප.) නඟන ලද වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
මණ්ඩලයේ සේවකයන්ට ත්‍රෛවාර්ෂික ව වැටුප් වැඩි කිරීමක් ලබා දෙන්නේ වසර තුන තුළ උද්ධමනය, අනෙකුත් රජයේ සේවක වැටුප් වැඩි වීම යනාදිය ගණනය කිරීම මඟින් බවත් එම ගණනය කිරීමට අනුව දිය යුත්තේ සියයට 23ක වැටුප් වැඩිවීමක් බව ද පැවසී ය.
ඒ අනුව ඉල්ලා සිටින සියයට 45ක වැටුප් වැඩිවීමක් අනවශ්‍ය බවත් අනෙකුත් රජයේ සේවකයන්ට සාපේක්ෂව විදුලිබල මණ්ඩල සේවකයන් ඉහළ වැටුප් ලබන බව කී අමාත්‍යවරයා, මණ්ඩලයේ සේවය කරන ආධුනික කම්කරුවකු පවා රුපියල් 24000ක මූලික වැටුපක් ලබනවා. රජයේ වෛද්‍යවරයකුටත් ලැබෙන්නේ රුපියල් 26000ක මූලික වැටුපක්. විදුලි බල මණ්ඩල සභාපතිවරයා ලබන්නේ රුපියල් 90000ක වැටුපක්. එහෙත් මෙවැනි වෘත්තිකයන්ට විදේශ රටවල මීටවඩා ඉහළ වැටුප් ලබාගත හැකියාව තිබෙන බව ද අමාත්‍යවරයා පැවසී ය.
මෙතැන ඇත්තේ ජීවන වියදම් ප්‍රශ්නයක් නොවන බවත් දේශපාලන ප්‍රශ්නයක් බව ද කී අමාත්‍යවරයා, විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් බැවින් කිසිවකුටත් කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකිරීමට ඉඩක් නැති බව ඇමැතිවරයා කීවේය.
නොරොච්චෝලේ බලාගාරයේ දෙවැනි අදියර ලබන වසරේ අගෝස්තු මාසය වන විට ආරම්භ කළ පසු විදුලිය සැපයුම් අර්බුදය නිම වීම ආරම්භ වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
PR
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
