Flicker Images
රණ විරු රියල් ස්ටාර් කිරුළ යුද හමුදාවේ අයෝමිට
Posted on Saturday, July 7, 2012 and filed under breakingnews , news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ අවසන් වූ රණ විරු රියල් ස්ටාර් දෙවන අදියරේ අවසාන මහා තරගයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සෙබළ අයෝමි පෙරේරා ජයග්‍රහණය කළාය.
සේනාධිනායක, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් රණවිරු රියල් ස්ටාර් දෙවැනි අදියරේ අවසන් තරගය ආරම්භ වූයේ කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ය.
විනිශ්චය මණ්ඩලය ලෙස විශාරද එඩ්වඩ් ජයකොඩි, ජැක්සන් ඇන්තනි හා යශෝදා විමලධර්ම කටයුතු කළහ. ඉතිහාසයේ පළමු වතාවට රියැලිටි වැඩසටහනකට මෙතෙක් ලැබුණු වැඩි ම කෙටි පණිවුඩ ප්‍රමාණය වූ මිලියන 3 ඉක්ම වූ කෙටි පණිවුඩ ඊයේ රාත්‍රියේ තරගකරුවන් පස්දෙනාට ලැබී තිබේ.
දෙවන අදියරේ අවසාන මහා තරගයට තේරී සිටි පස්දෙනා අතරින් දෙවන ස්ථානය හිමිකර ගත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාන්‍ය වාදක ගයාන් අරුණප්‍රියයි. ඔහුට මෝටර් රථයක් සමඟ මුදලින් ලක්ෂ 10ක් හිමිවිය. තෙවන ස්ථානය හිමිකරගත් කෝප්‍රල් කාවින්ද දුමින්දරාජ්ට ලක්ෂ 20ක් හිමිවිය. හතරවැනි ස්ථානය දිනූ ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් සැරයන් අසේල මනුකුලසූරියට සහ පස්වැනි ස්ථානය දිනූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් ඉමාලි අනුරුද්ධිකාට රුපියල් ලක්ෂ 5 බැගින් ද හිමිවිණි.
හයවන ස්ථානයේ සිට දස වන ස්ථානය දක්වා ජයග්‍රාහකයින්ට මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් වු මුදල් ත්‍යාග ද LED රූපවාහිනියක් හා Dialog TV සම්බන්ධතාව බැගින් ද එකොළොස්වන ස්ථානයේ සිට විසිපස්වන ස්ථානය දක්වා තරගකරුවන්ට රුපියල් 25000 බැගින් ද ප්‍රදානය කෙරිණි. එම ත්‍යාග ප්‍රදානය කරන ලද්දේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසූරිය, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩී.ඩබ්ලියු.ඒ.එස්. දිසානායක, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් එච්.ඩී. අබේවික්‍රම මහත්වරුන් විසිනි.
HC/pix: SL Army
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
