Flicker Images

වැව් පිරෙන වැසි ලබන සැප්තැම්බර්යේ දී

Posted on Monday, July 9, 2012 and filed under . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site


wewa

දැනට ක්‍රියාත්මක නිරිත දිගමෝසම් හේතුවෙන් බස්නාහිර, සබරගමුව හා මධ්‍යම සහ ගාල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කවලට තැනින් තැන වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යාඥ පී.ජී. යසරත්න මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.


ඒ මහතා ප්‍රකාශ කළේ ලබන සැප්තැම්බර් මාසය වන තුරු වැව් පිරෙන තරම් වර්ෂාවක් අපේක්ෂා කළ නොහැකි බවයි. කෙසේ වෙතත් ඊට පෙර වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් ඇති වූ විට හෝ නිරිතදිග මෝසම්වල දී සුළං අඩු වූ විට දැනට වියළි කාලගුණයක් පවතින ප්‍රදේශවලට තරමක වැසි අපේක්ෂා කළ හැකි බව ඒ මහතා සඳහන් කළේය.

ලබන සැප්තැම්බර් මස මැද භාගයේ අන්තර් මෝසම් වැසි ලැබෙන තෙක් මෙවැනි තත්ත්වයක් දැකිය හැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

kpm

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

0 Responses for “ වැව් පිරෙන වැසි ලබන සැප්තැම්බර්යේ දී ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top