Flicker Images
හම්බන්තොට වරායටයි, රේල් පාර දික් කරන්නයි තවත් ඩොලර් බිලියන 1.12ක ණයක් චීනයෙන්..
Posted on Tuesday, August 28, 2012 and filed under news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
හම්බන්තොට වරාය ඉදිකිරීමේ කටයුතු වලට අදාල එහි දෙවන අදියර වෙනුවෙන් සහ දක්ෂිණ දුම් රිය මාර්ගය තවත් ව්‍යාප්ත කිරීම වෙනුවෙන් චීනයෙන් තවත් ඩොලර් බිලියන 1.12කට අසන්න ණය මුදලක් සහන පදනම යටතේ මෙරටට ලැබීමට නියමිත බව සිංහලයා පුවත් ඒජන්සියට වාර්තා වේ.
ඩොලර් මිලියන 237.35ක් චීන මහජන සමූහාණ්ඩුව මගින් සහ තවත් ඩොලර් මිලියන 878.2ක් චීනයේ එක්සිම් බැංකුවෙන් ද මේ අනුව ශ්‍රී ලංකාවට සහනදායී පදනම යටතේ ලබා දෙනු ඇති අතර වසර 7ක සහන කාලයක් ද සමග වසර 20කදී ආපසු ගෙවීමේ පදනම යටතේ මෙම ණය ප්‍රමාණය අනුමත වී තිබේ. එසේම මෙම ණය මුදල් වල පොළිය 2%ක් වනු ඇති බව ද පැවසේ.
හම්බන්තොට වරායේ පලමු අදියර වෙනුවෙන් චීනය විසින් ලබා දුන් ණය මුදල ඩොලර් මිලියන 400කි.
මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රධානත ම තනි ණය සපයන්නා වීමට චීනයට හැකි ව තිබෙන අතර 2009 දී ඩොලර් බිලියන 1.2ක් ද 2010 දී තවත් ඩොලර් මිලියන 821ක් ද චීනය විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දී තිබේ.
Source:- http://sinhalaya.com
