Flicker Images

ශ්‍රී ලංකාවේ මර්මස්ථාන ඉලක්ක කොට ඉන්දියානු අග්නි මිසයිල පද්ධතියක් ස්ථානගත කරලා..

Posted on Tuesday, August 28, 2012 and filed under . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site


ඉන්දියාව විසින් සිය දිගුදුර අග්නි මිසයිල පද්ධතියක් ශ්‍රී ලංකාවේ මර්මස්ථාන කිහිපයක් ඉලක්ක කොට පිහිටුවා ඇති බව හෙළිව තිබේ. මෙම මර්මස්ථාන අතර, කොළඹ හා හම්බන්තොට වරායයන්, කටුනායක, මත්තල හා රත්මලාන ගුවන්තොට, ආරක්ෂක මූලස්ථාන පුත්තලම ගල් අඟුරු බලාගාරය මෙන්ම කෙරවලපිටිය හා කැළණිතිස්ස බලාගාරයන් ද වන බව පැවසේ.
ඉන්දියානු ආරක්ෂක අංශ විසින් මෙහෙයවනු ලබන මිසයිල අත්හදා බැලීමේ වැඩසටහනක් යටතේ කිලෝමීටර 1000ත් 8000ත් අතර දුරකට කිලෝග්‍රෑම් 1000 සිට 2000 දක්වා වූ බරක පුපුරණ ද්‍රව්‍ය රැගෙන යා හැකි මේ අග්නි මිසයිල වලට දකුණු ආසියාව තුළ ඕනෑම ආරක්ෂක හෝ වෙනත් ස්ථානයක් ඉලක්ක කොට ප්‍රහාර එල්ල කිරීමට සමත් බව ද පැවසේ.
චීනයෙන් හෝ පාකිස්ථානයෙන් ඇතිවිය හැකි තර්ජන සඳහා මුහුණ දීමට ඉන්දියාව සූදානම් වීමේ තවත් එක් පියවරක් ලෙස මෙය හැඳින්විය හැකි අතර, ඇමෙරිකාව සමග එක්ව ඉරානය, පාකිස්ථානය, ශ්‍රී ලංකාව, බංගලාදේශය හා මියන්මාරය යා කරන චීන සැපයුම් මාර්ගය අවහිර කිරීමට රහසිගතව ඉන්දියාව විසින් ක්‍රියාත්මක වූ බව ද වැඩිදුරටත් සඳහන් ය.
පාකිස්ථානය සමග න්‍යෂ්ටික ක්‍රියාකාරකම් වල යෙදෙන බවට මෑතක දී ශ්‍රී ලංකාවට චෝදනා කල ඉන්දියාව, තම න්‍යෂ්ටික අත්හදා බැලීම් වඩාත් ඉදිරියට ගෙනයමින් බැලස්ටික් මිසයිල පද්ධතියක් ද පිහිටුවීමට පිඹුරුපත් සකසන බව වාර්තා වේ.
මේ සියළු තොරතුරු හෙළිදරව් වී ඇත්තේ ඉන්දීය ඔත්තු සේවය විසින් එහි චීනයේ බීජින් නුවරට පත් කර සිටි ප්‍රධානියෙකු වන අම්‍රීත් අහුවාලියා ව ධූරයෙන් ඉවත් කිරීමෙන් පසුවයි. ඉන්දියාවේ යුධ රහස් හෙළි කිරීම ඔහුට එල්ලවූ චෝදනාවයි.

Source:- www.sinhalaya.com

0 Responses for “ ශ්‍රී ලංකාවේ මර්මස්ථාන ඉලක්ක කොට ඉන්දියානු අග්නි මිසයිල පද්ධතියක් ස්ථානගත කරලා.. ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top