Flicker Images

ඉන්දියාවේ කූඩම්කුලම් න්‍යෂ්ටික බලාගාරයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැහැ – ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය

Posted on Thursday, September 27, 2012 and filed under . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site


දකුණු ඉන්දියාවේ කූඩම්කුලම් න්‍යෂ්ටික බලාගාරය වත්මන් න්‍යෂ්ටික තාක්ෂණයේ පවත්නා උපරිම ආරක්ෂක විධිවිධානයන්ගෙන් සමන්විතව ඉදිකර ඇති බව ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
කුන්ඩකුමාල් න්‍යෂ්ටික මධ්‍යස්ථානය ක්‍රියාත්මක විමත් සමග ශ්‍රී ලංකාවේ ආරක්ෂාව අවදානමකට පාත්‍රවේයැයි පැතිර යන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් මහ කොමසාරිස් කාර්යාලය මේ බව නිවේදනය කරයි.
දැනට ලොව න්‍යෂ්ටික බලාගාරයන් සතු උපරිම ආරක්ෂක විධිවිධානවලින් මෙම බලාගාරය සමන්විත බවත්, ආරක්ෂක විධිවිධාන උපරිමයෙන් සලසා ඇති බවත් පෙන්වා දෙන කාර්යාලය හදිසි අවස්ථාවකදී අනුගමනය කළ යුතු සියලු ආරක්ෂ විධිවිධානවලින් සමන්විත බව ද පෙන්වා දෙයි.
න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීමේදී එහි සේවකයින් අසල්වාසීන් හා පරිසරය කෙරෙහි ඉන්දිය රජය උපරිම අවධානයෙන් ක්‍රියා කළ බවත්, එවැන්නකදී අනුගමනය කළ යුතු ආරක්ෂක මුලධර්මයන්ට ප්‍රමුඛතාව ලබා දී ඇති බවත්, පෙන්වා දෙන මහකොමසාරිස් කාර්යාලය බලාගාරය ඉදිකිරීම සැලසුම් කිරීමේ සිට එය ඉදිකිරීම හා ක්‍රියාත්මක කිරීමත් පවත්වා ගෙන යාම දක්වාත් ආරක්ෂක විධිවිධානයන්ට ප්‍රමුඛතාව ලබාදුන් බව ද පෙන්වා දෙයි.
බලාගාරය ක්‍රියාත්මක කිරීම ඇරඹීමට පෙර සියලූ ආරක්ෂක විධිවිධාන නැවත වරක් පරික්ෂාවට භාජනය කෙරෙන බව ද පෙන්වා දෙන නිවේදනය බලාගාරය ක්‍රියාත්මක විය යුතු ආකාරය හා සීමාවන් පිළිබඳව ද ගෝලීය න්‍යෂ්ටික තාක්ෂණ රෙගුලාසි අනුව සිදු කරන බව ද පෙන්වා දෙයි.




0 Responses for “ ඉන්දියාවේ කූඩම්කුලම් න්‍යෂ්ටික බලාගාරයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැහැ – ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top