Flicker Images
ඉන්දියාවේ ජල ගැල්මෙන් පුද්ගලයින් 33ක් මරුට
Posted on Thursday, September 27, 2012 and filed under Worldnews . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
සිකිම්, ඇසෑම් හා අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තයන්හි දින ගණනාවක් තිස්සේ පවතින වර්ෂාවෙන් දැඩි ලෙස හානියට පත් ප්‍රදේශවල ඉන්දීය ගුවන් හමුදාව හා හමුදා ගැළවුම් ඒකක මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. අවම වශයෙන් සිකිම් ප්‍රාන්තයේ පුද්ගලයින් 21 දෙනෙකු නායයෑම් හේතු කොට ගෙන මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 8 දෙනෙකු අතුරුදහන් වී ඇති බව ප්‍රාන්ත බලධාරීන් පවසයි.
පොලීසිය ප්‍රකාශ කරන පරිදි ඇසෑම් ප්‍රාන්තයේ තේ වත්තක සේවයෙහි නිරතව සිටි පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 20 දෙනෙකු අතුරුදහන් වී ඇත. එසේම මිලියනයකට ආසන්න පිරිසක් අවතැන් වී කූඩාරම්වල හා අනාථ කඳවුරු තුළ රැඳී සිටී.
අරුණාචල් ප්‍රදේශ් හි පුද්ගලයින් සිව්දෙනෙකු මඩ තට්ටුවලට යට වීමෙන් මිය ගොස් ඇති බව වාර්තා වේ. අවතැන් සහන කඳවුරු 100ක් පමණ මේ වන විට පිහිටුවා ඇති අතර ගුවන් මඟින් හා බෝට්ටු මඟින් පුද්ගලයින් බේරා ගැනීමට සහන සේවා කණ්ඩායම් යොදවා ඇති බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මෙම ජලගැල්මට කසිරන්ගා ජාතික වනෝද්‍යානය (Kaziranga National Park) ද හසුව තිබේ. රයිනෝසිරයන් සියයක් පමණ මෙම වනෝද්‍යානය තුළ වාසය කරන අතර ලෝකයේ වැඩි ම රයිනෝ ජනගහනයක් වෙසෙන වනෝද්‍යානය ද මෙය බව පැවසේ.
SMB
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
