Flicker Images

2013 දී සංචාරයට සුදුසු හොඳම රට ශී‍්‍ර ලංකාවයි - ලෝන්ලි ප්ලැනට් සඟරාව

Posted on Wednesday, October 24, 2012 and filed under . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site


51NEIYymCPL. SL500 AA300 2013 වසරේ සංචාරය සඳහා වඩාත් සුදුසු රට ලෙස ශ්‍රී ලංකාව The lonely planet සඟරාව විසින් නම්කර තිබේ.

සංචාරක කේෂ්ත්‍රයේ ජනප්‍රිය නාමයක් දිනා සිටින මෙම සංචාරක මාර්ගෝපදේශක සඟරාව පවසන්නේ දිවයින පුරා විවිධ වු අත්දැකීම් අත්විඳිය හැකි බවයි. ඒ අනුව දිවයින පුරා විහිදී ඇති සුන්දර වෙරළ තීරය, පෞරාණික නටබුන්, සුහදශීලී මිනිසුන්, අලි ඇතුන්, අවම වියදම්, විනෝදාත්මක දුම්රිය ගමන්, ප්‍රණීත ආහාර  හා  තේ ඇති දිවයින ලෙස ලංකාව හඳුන්වා දී ඇත.

ප්‍රමාණයෙන් කුඩා නමුත් බොහෝ සම්පත් බොහෝ ඇති ශ්‍රී ලංකාවේ පුරාණ විහාර මත ඇඳි සිතුවම් දිවයිනෙහි ඇති පෞරාණික බව ආඩම්බරයෙන් යුතුව පවසන බව එහි සඳහන් වේ.

2013 දී ඉතාම විචිත‍්‍රවත් සහ ආකර්ෂණීය නව නිවාඩු නිකේතනය ලෙස සංචාරක විශේෂඥයන් සහ පාඨකයන් විසින් තම ඡන්දයෙන් ශී‍්‍ර ලංකාව නම් කර ඇත. 'Serenity returns to Serendib' මැයෙන් රචිත ලිපිය සංචාරකයන්ට මෙම කුඩා දිවයින තුළ නව්‍ය සහ බහුවිධ අත්දැකීම් ලබා ගත හැකි බව පෙන්වා දෙයි.

සංචාරකයින් යාල හා විල්පත්තු වනෝද්‍යාන තුළ සැරිසරමින් දිවියන් හා දුර්ලභ වූ කුරුළු විශේෂ දැක ගත හැකි වීම, නැගෙනහිර වෙරළ කලාපය හා බටහිර වෙරළ කලාපය පිළිබඳවද සඟරාවේ වැඩිදුරටත් සඳහන් වේ.


කල්පිටිය හා පුත්තලම කලපුව, රාත්‍රී කාලයේ දී මින්නේරිය හා අනුරාධපුර අවට සැරිසරන අලි ඇතුන් හා 2000කට අධික මනස සුවපත් කරන භාවනා මධ්‍යස්ථාන පිළිබඳවත් විශිෂ්ටවූත්, නිසංසලවූත්, සුන්දරත්වයෙන් පිරිපුන් මෙම දිවයින නැරඹීමට මේ හොඳම කාලය බවත් The lonely planet නවතම කලාපයේ සඳහන් වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

0 Responses for “ 2013 දී සංචාරයට සුදුසු හොඳම රට ශී‍්‍ර ලංකාවයි - ලෝන්ලි ප්ලැනට් සඟරාව ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top