Flicker Images
රාජ්‍ය ආයතන 50%කම ඩෙංගු මර්දන කමිටු පිහිටුවා නෑ – සෞඛ්‍ය ඇමති රජයේ ආයතනවලට දෙහි කපයි
Posted on Wednesday, October 24, 2012 and filed under news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමේ පියවරක් ලෙස සියලු රාජ්‍ය ආයතනවල සෞඛ්‍ය කමිටු පිහිටුවන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කරන ලද ඉල්ලීමට අනුව කමිටු පිහිටුවා ඇත්තේ 50%ක බවත් මෙය ඉතා කනගාටුදායක තත්ත්වයක් බවත් සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද පැවති ඩෙංගු මදුරු ව්‍යාප්තිය මර්ධනය කිරීම සම්බන්ධයෙන් එසේ පත්කරන ලද වගකිවයුතු නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඇමතිවරයා පැවසුවේ රජයේ ආයතන රැසක් කමිටු පිහිටුවීම මඟහැර ඇති බවයි.
අමාත්‍යවරයා පවසන පරිදි රජයේ දෙපාර්තමේන්තු 90කින් 35 ද අධිකාරි 33 කින් 19ක ද අමාත්‍යංශ 63කින් 45ක පමණක් මෙම කමිටු පිහිටුවා තිබේ.
ඩෙංගු රෝගය මර්දනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් තනිව සිදු කළ නොහැකි අතර ඒ සඳහා මහජනතාවගේත් අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලත් සහය අවශ්‍ය බව ඇමතිවරයා එහිදී පැවසීය. කෙසේ වෙතත් මේ වනවිට ඩෙංගු නිසා සිදුවන මරණ අඩු කරගැනීමට හැකි වී ඇති බව ද ඉදිරි සතියේ දී බී.ටී.අයි. බැක්ටීරියාව ගුවනින් ඉසීමට කටයුතු කරන බව ද සිරිසේන මහතා පැවසීය.
Source:- http://sinhalaya.com
