Flicker Images
ක්‍රිකට් තරග දිනන කොට හොඳයි කියමින් පැරදුනාම පාවාදුන්නා කීම වැරදියි
Posted on Wednesday, October 24, 2012 and filed under . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා විසින් මුදලට ක්‍රිකට් තරග පාවාදීම් පිළිබඳ ව සොයා බලන ලෙස ඉල්ලමින් ගෙන එන ලද සභාව කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් ඇමතිවරයා එසේ පැවසීය.
මුදලට තරග පාවා දීම මෑතකාලයේ මහත් ආන්දෝලනයකට ලක් වූ ප්‍රශ්නයක් යැයි යෝජනාව ඉදිරිපත් කරමින් පැවසූ ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා, විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ දී තරග පාවාදීමේ චෝදනා ක්‍රීඩකයන්ට පමණක් නොව විනිසුරුවන්ට පවා එල්ල වී තිබෙන බව කීය. මෙම චෝදනාව ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි මහත් අපකීර්තියකි. මෙම අවාසානාවන්ත තත්ත්වය පිළිබඳ ව සොයා බලා චෝදනා එල්ල වූවන් පිළිබඳ කරුණු සොයාබලා වැරදි කරුවන්ට දැඩි දඬුවම් පමුණුවන විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා යෝජනාව ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේය.
එහිදී විවාදයට එක් වූ ඇමති ඩිලාන් පෙරේරා ක්‍රීඩකයින්ට හැමදාම හොඳට ක්‍රීඩාකළ නොහැකි බවත් එය ක්‍රීඩාවේ ස්වභාවය බවත් පැවසීය. ලෝක කුසලාන තරගාවලියෙන් පසු ව ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වතාවක් අවසන් මහා තරගාවලි දක්වා පැමිණි බව කී ඇමතිවරයා එය ජයග්‍රහණයක් නොවන්නේ දැයි විපක්ෂයෙන් විමසා සිටියේය.
රට වෙනුවෙන් තරග කරමින් රටේ කීර්තිනාමය ආරක්ෂා කරමින් රටට ජයග්‍රහණ ගෙනා ක්‍රිකට් ක්‍රීඩකයින් ගැන මෙසේ සැක කිරීම එම දක්ෂ ක්‍රීඩකයින්ට සිදුකරන අසාධාරණයක් බව ද ඇමති ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.
විවාදයට එක් වූ ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ තරග පාවා දීම බරපතළ තත්ත්වයක් වුවත් මෙරට කිසිම ක්‍රීඩකයෙක් එවැනි චෝදනාවකට ලක් වී නැති බවයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය තරග පාවාදීම්වලට එරෙහිව පියවර ගෙන ඇත. අපේ ක්‍රීඩා පනතේ රෙගුලාසි වෙනස් කරමින් ක්‍රීඩාවේ පරිවර්තනයක් ඇති කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන අතර එය නීතිපතිගේ උපදෙස් සඳහා යොමුකිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ගෙන එන බව ද පැවසීය.
Source:- http://sinhalaya.com
