
දිවි නැඟුම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සුප්‍රීම් උසාවිය දී තිබෙන තීන්දුව ප්‍රකාරව රජය කටයුතු කරන්නේ ව්‍යවස්ථානුකූලව බවත් එක පළාත් සභාවක් නැති නිසා රටක වැඩපිළිවෙළ අක්‍රීය කළ නොහැකි බවත් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා අද (ඔක්තෝබර් 04) පැවසීය.
උතුරු පළාතේ පළාත් සභාව පිහිටුවා නැතත් එහි ආණ්ඩුකාරවරයාට යම් යම් තීරණ ගැනීමේ හැකියාව ව්‍යවස්ථානුකූලව හිමිව ඇති බවත් එමනිසා ව්‍යවස්ථානුකූලව රජය එය ක්‍රියාත්මක කර ඇති බවත් ඇමතිවරයා පැවසීය.
එසේ ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවර විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවියට කිසිම සම්බන්ධයක් නැති බවත් එහි සියලු හිමිකම් ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයට (ICC) බවත් ඇමතිවරයා පැවසුවේ අයථා ලෙසින් වැඩි මිලට සිදුවන ටිකට් අලෙවිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේ දී ය.
නමුත් නිසි පිළිවෙළට එම ප්‍රවේශපත් අලෙවිය සිදු නොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් රටේ නීතිය අනුව කටයුතු කරන බව ද ඇමතිවරයා පැවසීය.