Flicker Images
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය ලේකම් යාපනයේ රහසිගත සාකච්ඡාවක
Posted on Tuesday, October 9, 2012 and filed under news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය ලේකම් අජේ සිෆර් මහතා ඊයේ (ඔක්තෝබර් 06) යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත ව තිබේ.
ඊයේ පෙරවරු 9.00ට පමණ යාපනයට පැමිණි නියෝජ්‍ය ලේකම්වරයා දිස්ත්‍රික් මානව හිමිකම් කොමිසම් කාර්යාලයේ දී මානව හිමිකම් ක්‍රියාකාරීන් සමඟ රහසිගත සාකච්ඡාවක් ද පවත්වා වත්මන් තත්ත්වය පිළිබඳ ව රහසිගත නිරීක්ෂණයක් ද කර ඇතැයි වාර්තා වේ.
සාකච්ඡාව කාර්යාල කාමරයක දොරගුළුලා ගෙන පවත්වා ඇති අතර එයට එක් වූ අය ඒ සම්බන්ධ කිසිවක් පසු ව හෙළිදරව් නොකර නිහඬ පිළිවෙතක් අනුගමනය කර තිබේ.
නියෝජ්‍ය ලේකම්වරයා යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට ද සහභාගී වී ඇති අතර එහිදී යාපනය දිසා ලේකම්වරයා නැවත පදිංචිකිරීම් හා යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ වත්මන් ජනජීවිතය සම්බන්ධව කරුණු දක්වා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය ලේකම් අජේ සිෆර් මහතා ඊයේ පස්වරුවේ ම ආපසු කොළඹට පැමිණි බව ද පැවසේ
Source:- http://sinhalaya.com
