Flicker Images

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් අර්ජුනත් ඉවත්වේ

Posted on Saturday, November 10, 2012 and filed under . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site


ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අර්ජුන රණතුංග මහතා ද එම පක්ෂයෙන් ඉල්ලා අස් වී තිබේ.
මන්ත්‍රීවරයා මේ බව පක්ෂයේ නායකයා වන සරත් ෆොන්සේකා මහතා වෙත ඊයේ (නොවැම්බර් 09) ලිපියකින් දැනුම් දී ඇත. එම ලිපිය සරත් ෆොන්සේකා මහතා වෙත ලැබී ඇති බව තහවුරු වී තිබේ.
ඉල්ලා අස්වීමෙන් පසු ව දේශපාලනයේ නිරතවන ආකාරය තවම තීරණය කර නැති බව පවසන රණතුංග මහතා රටේ නීතිය බිඳ වැටෙන විට සහ විවිධ දූෂණ සිදුවන විට ඊට විරුද්ධව කටයුතු කිරීමේ අරමුණින් ටිරාන් සහ ෆොන්සේකා සමඟ එක් ව ගොඩනඟාගත් එම පක්ෂයේ අරමුණු ඉටු නොවන නිසා ඉල්ලා අස්වීමට තීරණය කළ බව පවසා ඇත.
එහි ලේකම් වශයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ද මීට පෙර ඉල්ලා අස් විය.

0 Responses for “ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් අර්ජුනත් ඉවත්වේ ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top