Flicker Images
උගන්ඩා ජනාධිපති ශ්‍රී ලංකාවේ නිල සංචාරයක
Posted on Tuesday, November 13, 2012 and filed under news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
උගන්ඩා ජනාධිපති යුවේරි කගුටා මුසවේනි මහතා සහ ජනාධිපති ආර්යා ජෙනෙට් කටගා මුසාමි මැතිනිය තෙදින නිල සංචාරයක් සඳහා අද (13) ශ්‍රී ලංකාවට පැමිණියහ.
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අබියස දී උගන්ඩා ජනාධිපතිතුමන් හා ආර්යාව පිළිගන්නා ලද්දේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ ආර්යාව විසිනි.
චාරිතානුකූලව හමුදා උත්තමාචාර පිරිනැමිමෙන් අනතුරු ව රාජ්‍ය නායක දෙපළ සහ ආර්යාවෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සුහද සාකච්ඡාවක ද නිරත වූහ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
