Flicker Images
දියමන්තිය ගිල දැමූ චීන ජාතිකයාට අත්හිට වූ සිරදඬුවම්
Posted on Tuesday, November 6, 2012 and filed under breakingnews , news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
පසුගිය සැප්තැම්බරයේ කොළඹ පැවති මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයකදී දියමන්තියක් ගිල දැමූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන නඩු පැවරූ චීන ජාතිකයාට වසර දෙකක සිරදඬුවමක් පනවා එය වසර පහකට අත්හිටුවා ඇති අතර රුපියල් ලක්ෂයක දඩයක් ද ගෙවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (නොවැම්බර් 05) නියෝග කර තිබේ.
චීන ජාතිකයා අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහත්මිය ඉදිරියේ වරද පිළිගැනීමෙන් පසු ව මෙම තීන්දුව ලබා දී තිබේ.
පසුගිය සැප්තැම්බර් මාසයේ කොළඹ බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණු මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ කුටියක ප්‍රදර්ශනයට තබා තිබූ දියමන්තියක් ගිලදැමූ බව පවසමින් සැකකරු අත්අඩංගුවට ගැනිණි.
Source:- http://sinhalaya.com
