Flicker Images
පාගමනක් හා විරෝධතාවක් කොළඹ
Posted on Tuesday, November 6, 2012 and filed under breakingnews , news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
අග විනිසුරු ආචාර්ය ශිරානි බන්ඩාරනායකට එරෙහිව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝගයට විරෝධය දැක්වීමත් අධිකරණයේ ස්වාධිනත්වය ආරක්ෂා කර ගැනීමත් අරමුණු කොට පවත්වන ලද මේ විරෝධතාවයට එක් වූ පිරිස් අලුත්කඩේ උසාවිය අසල සිට පා ගමනකින් එහි පැමිණියහ.
මේ පාගමන නිසා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඕල්කට් මාවතේ එක් මංතීරුවක් වසා දමන්නට ද සිදු වූ අතර එයට නීතිඥවරුන් ද ජවිපෙ ක්‍රියාකාරිකයින් ද ආධාරකරුවන් ද එක් ව සිටිනු දැකගත හැකිවිණි.
විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති හා අනුර දිසානායක මන්ත්‍රීවරුන් ද මේ විරෝධතාවේ පෙරමුණෙහිම සිටිනු දැකගත හැකිවිය.
Source:- http://sinhalaya.com
