Flicker Images
ඇමරිකා එක්සත් ජනපදය ගෝලීය මානව හිමිකම් රැකීමේ නායකත්වය අත්හරී
Posted on Tuesday, July 3, 2012 and filed under breakingnews , Worldnews . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
- ඇමරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර් පවසයි
ඇමරිකානු පුරවැසියන් ඇතුළු ඉහළ පෙළේ
නිලධාරීන් විදේශයන්හි දී මරා දැමීමට කටයුතු කිරීමෙන් මානව හිමිකම් උල්ලංඝනය
කිරීමෙහි ලා ඇමරිකානු ජාතිය කොතරම් දුරට ක‍්‍රියා කරන්නේදැයි පැහැදිලි ය.
මෙම ක‍්‍රියාදාමය ආරම්භ වූයේ 2001
සැප්තැම්බර් 11 වන දින සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව ය. ඒ අනුව සලකන
විට ඇමරිකාවට මානව හිමිකම් පිළිබඳ කථා කිරීමට සදාචාරාත්මක අයිතියක් නැත්තේ
ය.
අතීතයේ දී ඇමරිකාව විසින් සාවද්‍ය
ක‍්‍රියා බොහොමයක් කර ඇති අතර පසුගිය දශකය තුළ එවැනි ක‍්‍රියා වේගයෙන්
වර්ධනය වී ඇත. නිදහස සාධාරණත්වය හා සාමය අරමුණු කොටගත් එක්සත් ජනපදයේ
නායකත්වය යටතේ මානව අයිතීන් පිළිබඳ ව ප‍්‍රකාශනය 1948 වසරේ දී සම්මත
කරගන්නට යෙදුණි. තව දුරටත් බලය මිනිස් වර්ගයා මැඬීමට හෝ හිංසා කිරීමට හෝ
ආවරණයක් නොවන බවට ගන්නා ලද දැවැන්ත පියවරකි ඒ. එ මගින් සැමට එක සමාන
ජීවත්වීමේ අයිතියත්, නිදහසත්, පෞද්ගලික ආරක්ෂාවත්, නීතිය යටතේ සාධාරණ
ආරක්ෂාවත්, වධ හිංසාවන්ගෙන්, නීතිවිරෝධී රඳවාගැනීමෙන් හෝ බලයෙන් පිටුවහල්
කරනු ලැබීමෙන් ආරක්ෂා වීමත් සඳහා එමගින් කටයුතු සලස්වන ලදී.
ලෝකයේ බෙහෙවින් දක්නට ලැබෙන
ඒකාධිපතිවාදය වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආදේශ කොට දේශීය මෙන් ම ගෝලීය
ප‍්‍රශ්න විෂයෙහි ලා නීතියේ පිහිට ස්ථාපිත කිරීම සඳහා එම විශ්ව ප‍්‍රකාශනය
ස්ථාපිත කරන ලද්දේ මානව හිමිකම් සුරකින්නන් ඇතුළු ජාත්‍යන්තර ප‍්‍රජාව
විසිනි. එකී ප‍්‍රතිපත්ති තව දුරටත් ශක්තිමත් කරනු වෙනුවට ඇමරිකානු රජය කර
ඇත්තේ විශ්ව ප‍්‍රකාශනයේ සඳහන් ප‍්‍රඥප්ති 30න් දැනටමත් 10 පමණ උල්ලංඝනය
කිරීම ය. කෲරත්වය, හෙළා දැකිය යුතු දඬුවම් පැමිණවීම යනාදිය එසේ උල්ලංඝනය කර
ඇති විධිවිධානයන්ට ඇතුළත් ය.
ත‍්‍රස්තවාදී සංවිධානවලට සම්බන්ධ යැයි
සැක කරනු ලබන පුද්ලගයින් කාල නියමයකින් තොරව රඳවා ගැනීමේ බලය ජනාධිපතිවරයාට
පැවරීමේ ව්‍යවස්ථාවන් නොබෝ දා සම්මත කර ගනු ලැබ ඇත. එය සාවද්‍ය ලෙස උපයෝගී
කොටගත හැකි ඍජු අර්ථ නිරූපණයක් කිරීමට අපහසු බලය පැවරීමකි. (මෙම නීතිය
දැනට ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් අත්හිටුවා ඇත.)
මෙම නීතිය අදහස් ප‍්‍රකාශ කිරීමේ
අයිතිය හා වරදකරු වන තෙක් යමෙකු සැකකරුවකු පමණක් බවට පනවා ඇති නීතිය
උල්ලංඝනය කිරීමකි. ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන්ගේ නිවාස 30කට අධික
ප‍්‍රමාණයකට මෙම වසරේ ගුවනින් පහර දී ඇති බවත් එය නතර කරන ලෙස එරට ජනාධිපති
හමීඞ් කර්සායි ඉල්ලා ඇති බවත් එහෙත් ඒ අතර දැනට යුධ කලාපයකට අයිති නොවන
පකිස්ථානයේ ඇතැම් ප‍්‍රදේශවලටත් සෝමාලියාවට හා යෙමනයටත් තවදුරටත් එවැනි
පහරදීම් සිදුවන බව ද කියනු ලැබේ. වොෂිංටනයේ ඉහළ ම බලධාරීන් විසින් නියම
කරනු ලබන මෙවැනි ගුවන් ප‍්‍රහාරයන්ගෙන් සිවිල් වැසියන් කොතෙක් මියයන්නට
ඇත්දැයි අපට කිව නොහැක.
ඇමරිකාවේ විදේශීය ප‍්‍රතිපත්තියට මෙම
කරුණු විශේෂයෙන් බලපා ඇත. කියුබාවේ ගුවන්ටනාමෝ බේ නමැති ස්ථානයේ දැනට
සිරකරුවන් 169 දෙනෙකු රඳවාගෙන ඇති අතර ඉන් අඩක් නිදහස් කර ඇත. එහෙත් ඔවුන්ට
පූර්ණ නිදහස ලබාගැනීම සිහිනයකි. ඔවුන්ගෙන් පාපෝච්චාරණ ලබාගැනීම සඳහා විවිධ
වධහිංසා පමුණුවන බවත් ඇමරිකානු බලධාරීන් අනාවරණය කර ඇත. ඒ අතර බහුතරයක්
සිරකරුවන් නීතිය ඉදිරියට පැමිණවීමකින් තොරව අවිනිශ්චිතව රඳවාගෙන ඇත. විශ්ව
ප‍්‍රකාශනයේ සාධනීය ප‍්‍රඥප්තිය තවතවත් ශක්තිමත් කරනු වෙනුවට ඇමරිකාව අද
ඒවායේ බලය හීනකරනු පෙනේ. ලෝකය වඩාත් ආරක්ෂිත කරනු වෙනුවට ඇමරිකාව විසින්
කරනු ලබන මානව හිමිකම් උල්ලංඝනය කිරීම මගින් සිදුවී ඇත්තේ සතුරන් බලවත්
කිරීමත් මිතුරන් ඈත් කිරීමත් යන දෙකය. මෙම අහිතකර ක‍්‍රියාදාමය නවතාලන ලෙස
සාමකාමී පුරවැසියන් වශයෙන් අප වොෂිංටනයෙන් ඉල්ලීමක් කළ යුතු ය.
2002 වසරේ නොබෙල් ත්‍යාගලාභී සහ ඇමරිකාවේ 39 වන ජනාධිපති ජිමී කාටර් මහතා විසින් ඉහත සඳහන් ප‍්‍රකාශය කරනු ලැබ ඇත.
HC/pmu
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
0 Responses for “ ඇමරිකා එක්සත් ජනපදය ගෝලීය මානව හිමිකම් රැකීමේ නායකත්වය අත්හරී ”
Leave a Reply

Recently Commented
Recent Entries
Marketplace
