Flicker Images
Blogumulus by Roy Tanck and Amanda Fazani
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කළ යුතුයි
Posted on Monday, November 5, 2012 and filed under politics . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් සඳහා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කළ යුතු බව අදත් තමාගේ අදහස බව ද කේ.පී. ගැන මාධ්‍යවල මොනවා පළ වුණත් මහ ඇමතිධුරයට කවුරු තරග කළත් උතුරේ ජනතාව තෝරන මහ ඇමති තමන් බව තමන්ට විශ්වාස බවත් ඩග්ලස් දේවානන්දා ඇමතිවරයා පවසයි.
කේ.පී. ගැන මාධ්‍යවල මොනවා පළ වුණත් මහ ඇමති පත් කරන්නේ ජනතාවයි. පසුගිය දුෂ්කර වකවානුව පුරාත් අදත් ජනතාව වෙනුවෙන් දේශපාලනය කරමින් ජනතාවගේ ප‍්‍රශ්න විසඳමින් ජනතාව සමග එකට සිටිමින් වැඩකරන බැවින් තමාට ජනතාව කෙරෙහි විශ්වාසය තිබෙන බව ඇමති දේවානන්දා ප්‍රකාශ කර ඇත්තේ යාපනයේ සිය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක දී ය.
මාධ්‍යවේදීන් සිය ස්වාධීන අදහස් ප‍්‍රකාශ කළ යුතු අතර පළ කරන ප‍්‍රවෘත්ති, සත්‍යය ප‍්‍රවෘත්ති විය යුතු බව ද ජනතාව සත්‍ය කරුණුවලින් දැනුවත් කිරීම සමාජ යුතුකමක් සේ සලකා කටයුතු කළ යුතු යැයි ද එහිදී ඇමතිවරයා පවසා ඇත.
දෙමළ ජාතික සංධානය අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම නිසා උතුරු පළාතේ දිවි නැගුම පනත ක‍්‍රියාත්මක නොවුණ හොත් උතුරු පළාතේ සිටින 54000කට වඩා සමෘද්ධි පවුල්වලට කුමක් සිදුවිය හැකි ද? සුබසාධන කඳවුරුවල රැඳී සිටින ජනයාට ඉඩම් ලබා දීම ගැනත් හමුදාව සතුව පවතින ජනතාවගේ ඉඩම් හා නිවාස ආපසු ජනතාවට ලබාදීම ගැනත් නව කැබිනට් පත‍්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ළඟදීම ඉදිරිපත් කරනවා. ඊපීඩීපීය යම් වැරැද්දක් කරයි නම් එය විවේචනය කිරීමේ අයිතිය මාධ්‍ය සතුව ඇති නමුත් තම සංවිධානයට මඩ ගසමින් වැරදි දේ ප‍්‍රචාරය කිරීමට ඉඩ දිය නොහැකි යැයි ද ඇමතිවරයා පවසා තිබේ.
තමිල්නාඩුවේ චෙන්නායි අධිකරණයේ විභාග වන චූලමේඩු සිද්ධිය පිළිබඳ නඩුව ගැන අදහස් දැක් වූ ඇමතිවරයා, තමන්ට එරෙහි ව තමිල්නාඩුවේ හැර වෙනත් ඉන්දියාවේ ප‍්‍රාන්ත අධිකරණයක මෙම නඩුව විභාග කළහොත් තමන් එයට මුහුණදීමට සූදානමින් සිටින බව ද මෙම සිද්ධියේ සත්‍යය තත්ත්වය තමන් මීට ඉහත කිහිප වතාවක්ම කියා ඇති බව ද පැවසීය.
එම නඩුවෙන් තමාට ඇති චෝදනාව මිනී මැරුම් චෝදනාවක් නො ව කලහකාරී ලෙස හැසිරීමයි. එම සිද්ධිය වන අවස්ථාවේ තමන් සතුව තිබූ ආයුධ, හොර ආයුධ නොව ඉන්දියානු රජය මඟින් තමන්ට සැපයූ ආයුධයි. නමුත් මෙම සිද්ධියට ප‍්‍රථම ඉන්දියාවේ තමිල්නාඩුවේදීම නීතිය කඩවන අයුරින් වෙඩි තබාගත් ප‍්‍රභාකරන් හා උමා මහේෂ්වරන් යන අය භාවිත කළේ හොර ආයුධ බව ද ඇමතිවරයා පැවසීය.
Source:- http://sinhalaya.com
0 Responses for “ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කළ යුතුයි ”
Leave a Reply

Recently Commented
Recent Entries
Marketplace
