Flicker Images
Blogumulus by Roy Tanck and Amanda Fazani
World Travel Market ලන්ඩනයේ දී ඇරඹෙයි
Posted on Monday, November 5, 2012 and filed under . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
මෙවර ලන්ඩන් නුවර පැවැත්වෙන ලෝක සංචරණ වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ කර්මාන්ත ආයතන 53ක් සහභාගී වන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රර්ධන බියුරෝව පවසයි.
ලෝක සංචරණ වෙළෙඳ World Travel Market (WTM), ප්‍රදර්ශනය අද (නොවැම්බර් 05) ලන්ඩන් නුවර එක්සෙල් ප්‍රදර්ශන ශාලාවේ දී ආරම්භ වේ.
මේ ප්‍රදර්ශනය අතරතුර “ආසියාවේ ආශ්චර්ශයය” තේමාවෙන් මාධ්‍ය සාකච්ඡා කිහිපයක් ම පැවැත්වීමට නියමිත ව ඇත. මේ සංචාරයට නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති භාෂ්වර සේනාංක ගුණරත්න මහත්වරු ද එක් ව සිටිති.
මෙහිදී ශ්‍රී ලංකාව විවාහ මංගල්‍යයන්, මධුසමය හා ක්‍රිකට් ක්‍රීඩා තරග සඳහා අනගි ගමනාන්තයක් ලෙස ද ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා ඇති බව ද වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික විවාහ මංගල්‍ය උත්සව ආරම්භන දින දෙකේදී එහි ප්‍රදර්ශනය කෙරේ. තෙවැනි දින ක්‍රිකට් තරග සඳහා ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරමින් ප්‍රදර්ශන කුටියේ කාර්යමණ්ඩලය හා ශ්‍රී ලංකා ප්‍රදර්ශකයින් සියලු දෙනාම ශ්‍රී ලංකා ක්‍රිකට් ටී ෂර්ට්වලින් සැරසී සිටීමට නියමිතය. එදින එංගලන්ත ක්‍රිකට් ලෝලීන් වැඩිවශයෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ටී ෂර්ට් සහ කුඩා ක්‍රිකට් පිති නරඹන්නන් වෙත බෙදාදීමට ද කටයුතු කර ඇති අතර ඒ සඳහා එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට ද එහි ප්‍රධාන ක්‍රිකට් සමාජ හා ඒවායේ සභාපතිවරුන්ට ද ඇරියුම් කර තිබේ.
මීට අමතර ව ශ්‍රී ලංකා තේ ප්‍රවර්ධනය කරමින් නරඹන්නන් වෙත තේ කෝප්පයක රස විඳීමේ අවස්ථාව ද මෙහිදී ලබා දෙනු ඇත.
ලෝක සංචරණ වෙළෙඳ World Travel Market (WTM), ප්‍රදර්ශනය 30000කට අධික පිරිසක් නරඹන අතර ප්‍රදර්ශකයින් 5000ක් එක්වෙති. ලොව පුරා ජනමාධ්‍යවේදීන් 3000ක් පමණ මෙයට එක් වෙති. සංචාරක නියෝජිතයින් 1000කට වැඩි පිරිසක් ද විදෙස් සංචාර සංවිධායකවරුන් 200ක් පමණ ද මෙයට එක් ව සිටින අතර එහිදී පශ්චාත් යුද සමයේ සංචාරක කර්මාන්තයේ තෝතැන්නක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට ද අපේක්ෂා කරති.
Source:- http://sinhalaya.com
0 Responses for “ World Travel Market ලන්ඩනයේ දී ඇරඹෙයි ”
Leave a Reply

Recently Commented
Recent Entries
Marketplace
