Flicker Images

මාලිනී ෆොන්සේකාට යළිත් දිවුරුම් ‍දීමට සිදුවෙයි

Posted on Thursday, September 27, 2012 and filed under . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site


ඉල්ලා අස්‌වීම ජනපති භාර නොගනී
මාලිනි ෆෝන්සේකා මහත්මිය ඊයේ (සැප්තැම්බර් 24) සිය මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස් වීමට යවන ලද ලිපිය මැතිවරණ කොමසාරිස්වරයා භාරගෙන එයට අනුමැතිය දීමත් ජනාධිපතිවරයා වෙත ඇය භාරදුන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් භාර නොගැනීමත් නිසා ඇගේ මන්ත්‍රීධූරය පිළිබඳ ගැටලුවක් ඇති වී තිබේ.
මෙවර පළාත් සභා මැතිවරණයේ දී එක් එක් පළාත් සඳහා මහඇමති පත්කිරීම සම්බන්ධයෙන් ඇති වූ අර්බුදය සමථයකට පත්කිරීමට කිසියම් අයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් ජාතික ලැයිස්තුවෙන් පැමිණීමට අවස්ථාව ලබාදීම සඳහා ඇය සිය තනතුරෙන් ඉල්ලා අස්වන බවට දේශපාලන ආරංචි මාර්ග වාර්තා කළ අතර ඒ සඳහා ඉහළ ම තැනකින් ඉල්ලීමක කෙරුණු බවට ද මාධ්‍ය වාර්තා පළ විණි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඇගේ ඉල්ලීම පිළිනොගත් නිසා ඇයට නැවතත් මන්ත්‍රීධූරයේ ම කටයුතු කිරීමට අවස්ථාව ලැබී තිබේ. නමුත්  ඊයේ මැතිවරණ කොමසාරිස්වරයා එම ඉල්ලීම පිළිගෙන ඒ වෙනුවෙන් වෙනත් අයෙකු යෝජනා කරන ලෙස එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම්වරයා වෙත දැනුම් දී තිබේ. මේ නිසා පුරප්පාඩුවක් ඇති වී තිබෙන අතර ඒ සඳහා යළිත් මාලිනි ෆොන්සේකා මහත්මියගේ නම ම යෝජනා කර යළිත් ගැසට් නිවේදනයක් පළ කළ යුතු තත්ත්වයක් මතු ව තිබේ.
ඊයේ ම එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගනු ඇතැයි වාර්තා වූ අතර එසේ යළිත් මාලිනි ෆොන්සේකා මහත්මිය ම පුරප්පාඩුවට නම් කළ හොත් ඊළඟ පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වන ඔක්තෝබර් 09 වැනි දා නවක මන්ත්‍රීවරියක ලෙස දිවුරුම්දීමට ඇයට සිදුවනු ඇත.




0 Responses for “ මාලිනී ෆොන්සේකාට යළිත් දිවුරුම් ‍දීමට සිදුවෙයි ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top